තන්හාව ඇත්තේ ඇති මිහිහාටමලු
 

කියමන : තන්හාව ඇත්තේ ඇති මිහිහාටමලු.
තේරුම : නැති තැනැත්තාට වඩා ඇති තැනැත්තා තන්හාවෙන් පෙළෙන බව.

අතීත කතාව - පෙර එක්‌ රටක රජකෙනෙක්‌ විසීය. කෙටි කාලයක්‌ රට පාලනය කළ මේ තරුණ රජුට රජකම මහා හිසරදයක්‌ බව පෙනී එය එපා වීමෙන් තම සහෝදරයාට රජකම පවරා දි පිටිසර පළාතකට ගොස්‌ හුදකලාව දිවි ගෙවන්නට විය.

රජකම පවරාගත් සහෝදරයා රජකම හැරගිය තම සහෝදරයා ගැන අනුකම්පා කොට ඔහුගේ යැපීමට ඒ ප්‍රදේශයෙන් ගම්වරයක්‌ තිළින කොට සිටුවරයකුගේ දියණියක්‌ ද පාවා දුන්නේය. කලක්‌ යනවිට ගම්වරය ලද සහෝදරයා තුළ තන්හාව වැඩෙන්නට වූයෙන් ගම්වරයක්‌ මදි බවත්, ඒ පළාතේම අයිතිය පවරා දෙන ලෙසත් රජුට දන්වා යැවීය. ඒ ඉල්ලීම ඉටුවිය.

තවත් කාලෙකට පසු පළාතේ අයිතියද මදි මදි බව හැඟුනෙන්, රජු හා යුද්ධ කොට රජකම ලබාගැනීමට සිතුවේය. මේ බව තේරුම්ගත් රජු, එපා වී ගිය රජකම නැවත ඕනෑ වී නම් එය ලබාගැනීමට බාධාවක්‌ නැතැයි පවසා රජකම ආපසු බාරදුන්නේය.

(c) Shilpa Sayura Foundation 2006-2017