කියමන : ලබ්බට තිබ්බ අතමයි පුහුලටත්.
තේරුම : කාට වින කරන්නෙත් එකම විදිහට.
අතීත කතාව - කවිරාලත් කපුරුහාමිත් අසල යාබඳ ඉඩම් දෙකේ වාසය කරන්නෝය. මේ දෙදෙනාම හොද ගොවියන් වූ අතර, එකාට එකා නොහොඳින් කල් ගෙවන්නෝද වූහ. කවිරාලගේ ලබුවැල හොඳින් මෝරා පල හටගැනීම කපුරුහාමිට මහත් හිසරදයක් විය.
නිතර දෙවේලේ දකින මේ ලබුවැලේ පලදාව ඉවසා සිටිය නොහැකි තැන කපුරුහාමි ගමේ හිටිය නමගිය සොර දෙටුවා වු හෙට්‌ටියා තම නිවසට කැඳවා කවිරාලගේ ලබුවැල පෙන්වා, "බොල හෙට්‌ටියෝ....බලකො අර ලබුවැල දිහා.
එක රැයක් නිදි මැරුවොත් තොට එක මාසයක් මොකුත් නොකර නිදාගත්තැහැකි" යි කීය. පසුදින ඒ ලබුවැලේ එක ගෙඩියක්‌වත් පෙනෙන්නට තිබුණේ නැත. ඊට පසුදින උදේ බලනවිට කපුරුහාමිගේ පුහුල්වැලේ ගෙඩිද අතුරුදහන් වී තිබිණි.