මහානාම රජුගේ දියණිය වූ සංඝා බිසව සොත්ථිසේන කුමරා මරවා මහණවී සිටි තම පුත් ධාතුසේනට රාජ්‍ය පවරා දුන් බව වංශ කතාවල කියවේ. එසේම ධාතුසේන රජු දුට්ඨ ගාමිණී අභය පුත් සාලිය කුමරුගේ පෙළපතින් පැවතෙන්නකු බවත් කියවේ. ධාතුසේන රජ වසර විසි පහක් පමණ යුද වැද පණ්ඩු, ඛුද්ද,පාරින්ද,තිරිතර,දාඨිය හා පීඨිය යන ද්‍රවිඩ රජවරුන් පරාජය කරමින් රට එක් සේසත් කල බව මහාවංශය කියයි.
අවුකන ප්‍රතිමාව | |
![]() | කලාවැව ![]() |
දහ අට වසරක් රජකල ධාතුසේන රජු කලාවැව ආදී වැව් දහඅටක්ද විහාර තිස්හයක්ද කරවූ බව පූජාවලියේ කියවේ. ධාතුසේන රජු විසින් කරවන ලද අවුකන ප්‍රතිමාවද, කලාවැවද දෙසද බලන කල එම කාලය අනුරාධපුර යුගය ස්ථාවර වූ යුගයක් ලෙස දැක්විය හැක.
