එක වී බුසලක්‌ ණයට ගෙන පවුලක්‌ වාල්කම ගියාලු
 

කියමන : එක වී බුසලක්‌ ණයට ගෙන පවුලක්‌ වාල්කම ගියාලු.
තේරුම : ගෙවීමට බැරි ණය ගැනීමෙන් දුකට පත්වන බව.

අතීත කතාව - සිංහලේ රටේ එක අවදියකදී මුදල්, වී හෝ ධාන්‍ය ණයට ගත්විට අවුරුද්දක්‌ තුළදී දෙගුණයක්‌ ගෙවීමට නියම විය. මේ අනුව දෙවන අවුරුද්ද අවසානයේ නොගෙවා සිටියේ නම් තුන්ගුණයක්‌, ඊළඟ වසරේ හතර ගුණයක්‌ ලෙස ණය අයකර ගැනීමට ණය හිමියෝ පුරුදු වී සිටියහ.

මෙසේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට හරකුන් හෝ දරුවන් ණයට පවරා දියයුතු විය. එක්‌ අගහිඟ කාලයකදී මෙසේ එක වී බුසලක්‌ ණයට ගත් මිනිසෙකුට වසර කීපයක්‌ යනතුරුත් එය ගෙවා දැමීමට නොහැකි වු නිසා ඔහුට සිය දරු පවුලම වාල්කමට යවන්න සිදුවීලු.

මේ අවාසනාවන්ත සිද්ධිය ඇසූ රජු, අවුරුදු කීපයක්‌ ගතවුණත් දෙගුණයකට වඩා අයකර ගැනීම තහනම් බවට නියෝගයක්‌ පනවා දරු පවුල වාල්කමෙන් මුදවා ගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017