බැරෑරුම් බර බෙදා හෑල්ලු කළා වගෙයි
 

කියමන : බැරෑරුම් බර බෙදා හෑල්ලු කළා වගෙයි.
තේරුම : බැරෑරුම් ලෙස පෙනුනත්, මනාව සිතා බැලීමෙන් පසු එය වඩා සැහැල්ලු වන බව.

අතීත කතාව - පුරන් වූ කුඹුරක්‌ කෙටීමට ගිය ගොවියෙකුට ඒ කුඹුරේ තිබී මිනිසෙකුගේ කකුලක්‌ තරම් විශාල වු රන් කඳක්‌ හමුවිය. සවස ගෙනයන බලාපොරොත්තුවෙන් එය පස්‌වලින් වසා දැමූ ගොවියා රාත්‍රියේ පැමිණ රන්කඳ එසවීමට කොතෙක්‌ උත්සාහ කළත් බර වැඩිකම නිසා එය සාර්ථක නොවීය. එවිට ගොවියා රන්කඳ අසල හිඳ මෙසේ කල්පනා කරන්නට විය.

"මේ වස්‌තුවෙන් හතරෙන් එක කොටසක්‌ පමණක්‌ අපගේ දිවි පැවැත්මට සෑහෙයි. මෙයින් හතරෙන් එක කොටසක්‌ මා දන් දෙනවා. තවත් කොටසක්‌ නිධන් කොට තබනවා. අනෙක්‌ කොටසෙන් වෙළඳාමක්‌ කරනවා..." එසේ සිතීමෙන් සිතේ බර සැහැල්ලු වූවා සේම නැවත රන්කඳ ඔසවා බැලූවිට එයද ඔසවාගෙන යා නොහැකි තරමේ නොවීය.

රන්කඳ ගෙදර ගෙනගිය ගොවියා එදා පටන් සුවසේ දිවි ගෙවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017