කටුස්‌සාට රත්තරන් පැළඳුවා සේ
 

කියමන : කටුස්‌සාට රත්තරන් පැළඳුවා සේ.
තේරුම : නිවටයාට ගරු සත්කාර නොකළයුතු බව.

අතීත කතාව - වේදේහ රජතුමා දිනක්‌ උයන් සංචාරයේ යෙදෙන විට උයනේ තොරණ අසල සිටි කටුස්‌සෙක්‌ තොරණෙන් බිමට බැස රජුට ගෞරවය කළේය. මෙයින් පැහැදීමට පත් රජතුමා ඌට දිනපතා ආහාරයට මස්‌ ගෙනැවිත් දීමට සේවකාදින්ට අණ කළේය.

එක්‌ පෝය දිනක මස්‌ සොයා ගැනීමට නොහැකි වූ හෙයින් එම මස්‌වල වටිනාකමට රත්තරන් ස්‌වල්පයක්‌ ගෙන කුඩා මාලයක්‌ තනවා එය කටුස්‌සාගේ ගෙළේ පළෙඳවීය. රත්තරන් පැළඳවීම නිසා උඩගු වූ කටුස්‌සා පසුදින රජුට ගෞරව නොකොට තොරණ මුදුනටම වී සිටියේය. මහෞෂධ පඬිතුමාගෙන් ඊට හේතුව අසා දැනගත් රජු ඉන්පසු කිසි දිනක කටුස්‌සාට මස්‌ මාංශ නොදීමට සිතා ගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017