අණුවනයා වැඩක්‌ කරමියි සිතා අවැඩක්‌ම කරයි
 

කියමන : අණුවනයා වැඩක්‌ කරමියි සිතා අවැඩක්‌ම කරයි.
තේරුම : සොයා බැලීමකින් තොරව කෙරෙන වැඩ කටයුතු සම්බන්ධයෙන් මේ කියමන යෙදේ.

අතීත කතාව - සුරා සැලක රා විකුණන්නෙකුට හිතවත් අතවැසියෙක්‌ සිටියේය. මේ අතවැසියා මෝඩයෙකු වූ නමුත්, හිතවත්කම නිසා ඔහුට රා තැබෑරුමේ කටයුතු බාරදී පිටත ගමන් යාම සුරාසැල් හිමියාගේ සිරිත විය.

සුරාසැල් හිමියා මෙසේ පිටව ගිය එක්‌ දිනක රා බොන්නට ආ පිරිසක්‌ ලුණුකැට සපමින් රා බොන අයුරු මෝඩ අතවැසියා දුටුවේය. මොවුන් මෙසේ ලුණු සපමින් රා බොන්නේ රා වලට ලුණු මදි ඇතැයි සිතු අතවැසියා වහා දිවගොස්‌ ලුණු මල්ලක්‌ ගෙනවුත් එය රා පීප්පයට දමා කලවම් කළේය.

ඉන්පසු රා බීමට ආ මිනිසුන් රා බීමට නොහැකිව බැණ වඳිමින් ආපසු යන්නට වීම නිසා රා පීප්පය ඉවත දැමීමට සිදුවිය. බැහැරක ගොස්‌ සිට ආපසු පැමිණි සුරාසැල් හිමියා සිදුව ඇති පාඩුව දැක මහත් කම්පාවට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017