කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනව
 

කියමන : කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනව.
තේරුම : කෙසේ හෝ තම අදහස්‌ ඉටුකර ගැනීමට උත්සාහ දැරීම.

අතීත කතාව - එක්‌ රජකෙනෙකු ඇමතියෙකු ද සමග දඩයමේ ගියේය. දඩයම් සොයමින් රජු හා ඇමතියා වනය තුළ බොහෝ දුර ගියමුත් දඩයම් හමුවූයේ නැත. දහවල් වනවිට බඩගින්න ද ඉහවහා ගියෙන් ගඟක්‌ අද්දරට ගිය ඇමතියා කබරගොයකු දැක ඌ මරාගත්තේය.

කබරයා තලගොයකු බව අඟවා රජුගේ කුසගිනි නිවීම ඇමතියාගේ අරමුණ විය. කබරගොයකු ගෙන ඇමති එන අයුරු දුටු රජු බඩගින්නේ ඉවසුම් නැතිව යස තලගොයා යැයි කියමින් ඇමතියා පිළිගත්තේය. කබර මස්‌ අනුභවය නිසා රජුත්, ඇමතියාත් දෙදෙනාම මරණයට පත්වූහ.

(c) Shilpa Sayura Foundation 2006-2017