රජුටත් හිඟන්නාටත් අවමන් කළ නොහැක
 

කියමන : රජුටත් හිඟන්නාටත් අවමන් කළ නොහැක.
තේරුම : රජු මිනිසුන්ගේ අපහාස උපහාස ඉක්‌මවා සිටින අතර, සිඟන්නා තවත් අපවාද නැතුවාට සෑහෙන පමණ අවමන් ලබා සිටියි.

අතීත කතාව - බුද්ධදාස රජතුමා රටවැසියන්ගේ ආදර ගෞරව ලබමින් දැහැමෙන් සෙමෙන් රට පාලනය කළ රජ කෙනෙකි. දිනක්‌ මේ රජු ඇතුපිට නැගී පෙරහරින් වීදි සංචාරය කරන විට එක්‌ දිළිඳු කුෂ්ඨ රෝගියෙක්‌ රජු ගමන් කරන මඟ ඉදිරියට විත්, රජුගේ සැප සම්පත් ඉවසා සිටිනු බැරිව රජුට බැණ වඳිමින් අපහාස කරන්නට විය.

මේ අසා සිටි එක්‌ ඇමතියෙක්‌ රජුට මේ බව සැලකර සිටියේය. එහෙත් මහරජුටත්, සිඟන්නාටත් අවමන් කළ නොහැකි බව පෙන්වා දුන් රජ, රෝගියාට වෙදකම් කර ඔහු සුවපත් කළේය. පසුව මේ මිනිසා රජුට හිතවත් රටවැසියෙක්‌ විය.

(c) Shilpa Sayura Foundation 2006-2017