උපාය මාර්ගික කළමනාකරණය හැඳින්වීම
  Strategic Management

ෆ්‍රෙඩ් ඩේවිඩ් නිර්වචනය කරන ආකාරයකට උපායමාර්ගික කළමනාකරණය යනු "සංවිධානයකට එහි අරමුණු ලඟා කර ගැනීමට හැකි වන පරිදි විවිධ තීරණ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම කරනු ලබන කලාව සහ විද්‍යාවයි"

උපායමාර්ගික කළමනාකරණය ආයතනික සාර්ථකත්වය ලඟා කරගැනීම පිණිස එහි කළමනාකරණ, සේවා, අලෙවිකරණ, මුල්‍ය, ගිණුම්කරණ, නිෂ්පාදන, මෙහෙයුම්, පර්යේෂණ හා සංවර්ධන, මානව සම්පත්, තොරතුරු පද්ධති වැනි විවිධ ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරනු ලබයි.

ගෙරී ජොන්සන් සහ කෙවාන් ස්බෝල්ස් උපායමාර්ගික කළමනාකරණය නිර්වචනය කරන්නේ, "සංවිධානයක් එහි උපායමාර්ගික තත්ත්වය, උපායමාර්ගික තෝරා ගැනීම් සහ උපායමාර්ගය ක්‍රියාවට නැංවීම අවබෝධ කර ගැනීම" ලෙස යි. මෙහිදී උපායමාර්ගික තත්ත්වය යනු සංවිධානය විසින් එහි බාහිර පරිසරය, අභ්‍යන්තර සම්පත් හා හැකියාවන් සහ උනන්දු වන පාර්ශවයන්ගේ අපේක්ෂාවන් හා බලපෑම අවබෝධ කර ගැනීමයි.

උපායමාර්ගික තෝරා ගැනීම යනු සංවිධානයෙහි සමස්ත මට්ටමේ උපායමාර්ගයන් ව්‍යාපාරික මට්ටමේ උපායමාර්ගයන් අවබෝධ කර ගෙන ඒවා ලඟා කර ගැනීමට ක්‍රම දියුණු කිරීමයි. උපායමාර්ග ක්‍රියාවට නැංවීම යනු, සංවිධානයෙහි උපායමාර්ග ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බැව් තහවුරු කර ගැනීමයි.
(c) Shilpa Sayura Foundation 2006-2017