කියමන : වෑග්ගරයට පණ දීල බෙල්ල කඩාගත්ත වගේ.
තේරුම : අසත්පුරුෂයාට උදව් උපකාර නොකළ යුතු බව.
අතීත කතාව - පෙරකල එක් මිනිසෙක් මළ සිරුරු පණ ගන්වා මද දුරක් ඇවිද්දවිය හැකි මන්ත්‍රයක් දැන සිටියේය. එහෙත්, ළඟට එනවිට නවතන මන්ත්‍රය දැන සිටියේ නැත. මේ මිනිසා තවත් පිරිසක් සමග වනයේ ඇවිද යන විට මියගිය ව්‍යාඝ්‍රයෙකුගේ සිරුරක් හමුවිය. මේ ව්‍යාඝ්‍රයා පණ ගැනිවිය හැකි බව ඒ මිනිසා කියා සිටිවිට එය කෙසේවත් කළ නොහැකි දෙයක් බව අනෙක් පිරිස කියා සිටියහ.
මන්ත්‍රය දත් මිනිසා තම බලය පෙන්වීමට සිතා මන්ත්‍රය ජප කරන්නට විය. සෙසු පිරිස අසල වූ ගස් මතට බඩගා ගත්හ. මන්ත්‍ර බලයෙන් නැඟී සිටි ව්‍යාඝ්‍රයා මන්ත්‍රය ජපකළ මිනිසාගේ ඇගට කඩා පැන බෙල්ල කඩා දමා ඌද මිය ගියේය.