Characteristics of Business Mission Statements
සංවිධානවල මෙහෙවර ප්‍රකාශන පරික්ෂා කර බැලීමේ දී ඒවා පහත දැක්වෙන ප්‍රධාන ගුණාංගවලින් සමන්විත වන බැව් පෙනී යයි.
* ආකල්ප ප්‍රකාශ කිරීම
Declaration of Attitudes
* ගනුදෙනුකරුවා කේන්ද්‍ර කර ගැනීම
Customer Orientation
* සමාජීය ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම
Declaration of Social Policy
සංවිධානයක මෙහෙවර ප්‍රකාශනය මඟින් එම සංවිධානයෙහි නිශ්චිත ව්‍යාපාරික කටයුතු පමණක් විස්තර නොකරන අතර, එමගින් එම සංවිධානය පරිසරය පිළිබඳව ගොඩනගා ගන්නා පුළුල් ආකල්ප ගණනාවක්ම විස්තර කරයි. හොඳ ව්‍යාපාරික මෙහෙවර ප්‍රකාශනයක් සංවිධානයක අරමුණු, උපායමාර්ග යනාදිය පුළුල් ලෙස ඉදිරිපත් කරයි. එලෙසම, සංවිධානය පිළිබඳ ව උනන්දු වන පාර්ශවයන්ගේ විවිධ අපේක්ෂාවන් ඉටු කරවා දීමට උත්සාහ ගනී. නූතන සංවිධානවල මෙහෙවර ප්‍රකාශන විශ්වීය ප්‍රකාශන (Global Perspective) සහ ස්වභාවික පරිසර ප්‍රවේශය (Natural Environment Perspective) ඉහළ වශයෙන් පදනම් කර ගෙන තිබෙන බැව් පෙනේ.
හොඳ ව්‍යාපාරික ප්‍රකාශනයක් මඟින් සංවිධානයෙහි කාර්යභාරය, ගනුදෙණුකරුවන්, භාණ්ඩ හෝ සේවාවන්, වෙළඳ පොළවල්, දර්ශනය, තාක්ෂණය වැනි මූලිකාංග පිළිබඳ ව විස්තර කරයි. හොඳ මෙහෙවර ප්‍රකාශනයක්
සංවිධානය කුමක් කරයි ද?
සංවිධානයෙහි පුළුල් ව්‍යාපාරික විෂයපථය,
වෙනත් සංවිධානවලින් අදාළ සංවිධානය වෙනස් වන ආකාරය,
සංවිධානයෙහි වර්තමාන සහ අනාගත ව්‍යාපාරික කටයුතු,
සමස්ත සංවිධානය පහසුවෙන්ම අවබෝධ කර ගැනීම
වැනි දේවල් විස්තර කළ යුතුය. මෙම සියළුම මූලිකාංග පැවතුන ද සංවිධානයෙහි ගනුදෙණුකරුවන්ගේ අපේක්ෂාවන් එහි මෙහෙවර ප්‍රකාශනයෙන් විස්තර නොකරයි නම්, එය හොඳ මෙහෙවර ප්‍රකාශනයක් නොවේ. ගනුදෙණුකරුවන්ව හඳුනා ගෙන ඔවුන්ව තෘප්තිමත් කිරීම පිණිස සංවිධානයෙහි ප්‍රතිපත්ති, දර්ශනය, ක්‍රියා පටිපාටිය යනාදිය සකස් කොට තිබෙන බැව් එහි මෙහෙවර ප්‍රකාශනයෙන් ඒත්තු ගැන්විය යුතුය. මේ අනුව, බොහෝ සංවිධාන විසින් ගනුදෙණුකරුවන්ව ආකර්ශණය කර ගැනීම පිණිස මෙහෙවර ප්‍රකාශ දියුණු කරනු ලබයි. තව ද, නූතන සංවිධාන විද්‍යූත් වාණිජ්‍යය ඔස්සේ ඔවුන්ගේ මෙහෙවර ප්‍රකාශන ගනුදෙණුකරුවන් වෙත වඩාත් ආකර්ශණීය ලෙස සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා බැව් පෙනේ.
සංවිධානයක ඉහළම මට්ටමේ කළමනාකරුවන්ගේ දර්ශනය සහ චින්තනය එම සංවිධානයෙහි සමාජීය ප්‍රතිපත්ති ලෙස මෙහෙවර ප්‍රකාශනවලින් ඉදිරිපත් කෙරේ. මේ අනුව සංවිධානයක සාමාජීය ප්‍රතිපත්තිය එහි මෙහෙවර ප්‍රකාශන දියුණු කිරීමේ දී උපකාරි වේ.
ගනුදෙණුකරුවන්, පරිසරවේදීන්, සුළුතර වැසියන්, සමාජ ප්‍රජාව සහ වෙනත් කණ්ඩායම් වෙත සංවිධානයෙහි වගකීම එහි සමාජීය ප්‍රතිපත්තිය තුළින් පෙන්නුම් කෙරේ. අද ඕනෑම සංවිධානයකට දිගු කාලීනව රඳා පැවතීමට නම්, යෝග්‍ය සමාජ ප්‍රතිපත්තියක් දියුණු කොට පවත්වා ගත යුතු වේ. (Johnson & Johnson, Coca-Cola, Wal-Mart, Hewlett-Packard, Microsoft, IBM, McDonald) වැනි ලෝක ප්‍රසිද්ධ සමාගම් සමාජ වගකීම පිළිබඳව ඉහළ අවධානයක් යොමුකරන සමාගම්වලට නිදසුන් කිහිපයකි.