Business Mission
"නූතන කළමනාකරණයෙහි පියා" (The Father of Modern Management) පීටර් ඩ්‍රකර් (Peter Drucker) 1970 මැද භාගයේ දී ජෙනරල් මෝටර් සමාගම (General Motors Corporation) සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනවලින් සොයාගත් ආකාරයට, "අපගේ ව්‍යාපාරය කුමක්ද? (What is our Business?) ප්‍රශ්නයට "අපගේ මෙහෙවර කුමක්ද? (What is mission?) ප්‍රශ්නය සමාන අදහසක් ගෙන දේ. ඔහු ප්‍රකාශ කරන ආකාරයට කිසියම් සංවිධානයක් ඒ හා සමාන සංවිධානවලින් වෙන් කොට හඳුනා ගැනීම පිණිස මුලින් කී සංවිධානයෙහි ව්‍යාපාරික කාර්යභාරය වෙන් කොට හඳුනා ගැනීම පිණිස උපකාරි වන සාපේක්ෂව ස්ථාවර ප්‍රකාශනයක් එහි "මෙහෙවර ප්‍රකාශනය" (Mission Statement) ලෙස හැඳින්වේ. සංවිධානයක් "පැවතීමට හේතුව" (Reason for Being) එහි මෙහෙවර මගින් ප්‍රකාශ කෙරේ.
මෙහෙවර මඟින් සංවිධානයෙහි ව්‍යාපාරික කාර්යය කුමක්ද? යන වැදගත් ප්‍රශ්නයට පිළිතුරු සපයනු ලබයි. සංවිධානයක අරමුණු සහ උපායමාර්ග ගොඩනැඟීම පිණිස එයට පැහැදිලි මෙහෙවරක් තිබීම අවශ්‍ය වේ. සංවිධානයක කාර්යභාරය, දර්ශනය, විශ්වාසයන්, ව්‍යාපාරික මූලධර්ම යනාදිය එහි මෙහෙවර ප්‍රකාශනය මඟින් හෙළිදරව් කෙරේ. ඕනෑම සංවිධානයක් ගත්විට පැවතීමට මූලික හේතුවක් තිබේ. සමහර අවස්ථාවන්වල දී උපායමාර්ගඥයන් විසින් තම සංවිධානවලට අදාළ මෙහෙවර ප්‍රකාශන විධිමත් ලෙස ලිඛිතව ඉදිරිපත් නොකරන අතර ඒවා අවිධිමත් ආකාරයෙන් ප්‍රකාශ කරයි. ආයතනයක මෙහෙවර, එහි සැලසුම්, උපායමාර්ග, ඉලක්ක, රැකියාවන් යනාදි සියළුම මූලිකාංගවලට පදනම දමයි. ආයතනයක කළමනාකරණ ව්‍යුහය සකස් වන්නේ ද එහි මෙහෙවරට අනුව යි.
බොහෝ සංවිධාන, මෙහෙවර ප්‍රකාශන සහ ව්‍යාපාරික දැක්ම පිළිබඳ ප්‍රකාශන ද ගොඩනඟනු ලැබේ. මෙහෙවර ප්‍රකාශනය "අපගේ ව්‍යාපාරය කුමක්ද?" ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන අතර, ව්‍යාපාර දැක්ම පිළිබඳ ප්‍රකාශනය (Vision Statement) මඟින් "අප පැමිණිය යුතු ස්ථානය කුමක්ද?" (What do we want to become) ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙයි. මේ නිසා, ව්‍යාපාරික දැක්ම පිළිබඳ ප්‍රකාශනය ව්‍යාපාරික මෙහෙවර ප්‍රකාශනයට වඩා පුළුල් සහ අවිධිමත් ගුණාංග වලින් යුක්ත වේ. කෙසේ වෙතත්, ප්‍රායෝගික වශයෙන් සලකා බලන විට පැහැදිලි වන්නේ සංවිධානයක මෙහෙවර ප්‍රකාශනය සහ දැක්ම පිළිබඳ ප්‍රකාශනය අන්තර් සම්බන්ධිත වශයෙන් භාවිතා කෙරෙන බවයි.
මෙහෙවර ප්‍රකාශනවල වැදගත්කම
Importance of Mission Statements
සඵලදායි උපායමාර්ගික කළමනාකරණයක් උදෙසා ව්‍යාපාරික දැක්ම සහ මෙහෙවර ප්‍රකාශන ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සංවිධානයක කාර්යඵලය සහ එහි මෙහෙවර ප්‍රකාශන අතර ධනාත්මක සම්බන්ධතාවක් පවතී. සංවිධානයක සෑම ශ්‍රිතීක කටයුත්තකටම එහි මෙහෙවර ප්‍රකාශන මඟ පෙන්වයි. සංවිධානයක කළමනාකරුවන් සහ සේවකයන් එකට එකතු වී එහි ව්‍යාපාරික දැක්ම සහ මෙහෙවර බෙදාහදා ගනු ලබන ආකාරය එම සංවිධානයෙහි සාර්ථකත්වයට බෙහෙවින්ම හේතු වේ.
මේ නිසා, සංවිධානයක කළමනාකරුවන් සහ සේවකයන් එහි ව්‍යාපාරික දැක්ම සහ මෙහෙවර දෙසට අභිප්‍රේරණය වී කටයුතු කරන බැව් උපායමාර්ගඥයන් විසින් තහවුරු කළ යුතුය. එසේ නොවන්නේ නම්, එම සංවිධානයට එය පිළිබඳ ව උනන්දුවන පාර්ශවයන් ගේ අපේක්ෂාවන් ඉටු කර දීම පිණිස අවස්ථාවන් ලඟා කර ගත නොහැකි වේ. මේ නිසා සංවිධානයක මෙහෙවර ප්‍රකාශන පහත දැක්වෙන කරුණු නිසා එම සංවිධානයට වැදගත් වේ.
* සංවිධානය විසින් ඉටු කළ යුතු ව්‍යාපාරික කාර්යභාරය පැහැදිලි කිරීම.
* සංවිධානයක් සතු සම්පත් වඩාත් ඵලදායි ලෙස බෙදා හැරිය යුතු ආකාරය පිළිබඳ ව මෙහෙවර ප්‍රකාශන මඟ පෙන්වීම.
*. සංවිධානයක දේශගුණය පිළිබඳව එහි මෙහෙවර ප්‍රකාශන පැහැදිලි කිරීම.
* සංවිධානයක ව්‍යාපාරික කාර්යභාරයට එහි සාමාජිකයන් දායක විය යුතු ආකාරය පැහැදිලි කිරීම.
* සංවිධානයක් පිළිබඳ ව උනන්දුවන පාර්ශවයන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් පැහැදිලි කිරීම.
* සංවිධානයක දිගු කාලීන අරමුණු එහි කාර්යය ව්‍යූහය බවට මෙහෙවර ප්‍රකාශන මඟින් පරිවර්තනය කිරීම.
* සංවිධානයක ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන පරිසරය පිළිබඳ ව පැහැදිලි කිරීම.
මේ අනුව, සංවිධානයක ව්‍යාපාරික මෙහෙවර සහ මෙහෙවර ප්‍රකාශන එහි ප්‍රධාන මඟපෙන්වන්නා ලෙස සැලකීමට පුළුවන.