කියමන : විස විසට පිළියම් ඇතත්, ගුණමකුකමට පිළියම් නැතිලු.
තේරුම : ගුණමකු පුද්ගලයා පිටු දැකිය යුතු බව.
අතීත කතාව - අවාරයට අඹ ඵල ගැන්විය හැකි මන්ත්‍රයක් දත් සැඬොල් ඇඳුරෙක් සිටියේය. ඇඳුරා සතු මේ බලවත් මන්ත්‍රය ලබාගැනීමට සිතු එක් බ්‍රාහ්මණයෙක් සැඬොල් ඇඳුරාට මෙහෙකොට සිත් දිනා මන්ත්‍රය අසා දැනගත්තේය.
යමෙක් ඇසුවොත් මේ මන්ත්‍රය මා වෙතින් ලද බව කියව. නැතහොත් මන්ත්‍රය මියයනු ඇත..... ඇඳුරා බමුණාට කීය.
මන්ත්‍රය හොඳින් උගෙන බරණැස් නුවරට ගිය බමුණා, රජු ඉදිරියේ පෙනී සිට මන්ත්‍ර ජපකරවා අකලට තිබුණ අඹ ගස්‌වල ගෙඩි වපුරවා රජු වෙතින් තාන්න මාන්න හා නම්බුනාම ලද්දේය. දිනක්, මේ මන්ත්‍රය උගත්තේ කෙසේදැයි රජු ඇසූකල, එය සැඬොල් ඇඳුරෙකුගෙන් උගත් බව පැවසුවහොත් අවනම්බුවක් සිදුවේයැයි සිතා දිසාපාමොක් ඇඳුරුතුමාගෙන් උගත් බව සැල කළේය. එකෙනෙහිම මන්ත්‍රයේ බල බිදිණි. බමුණා සියල්ලන්ගේම අපවාදයට ලක්‌වූහ.
මින් දුකට පත් බමුණා නැවත සැඬොල් ඇඳුරා සොයාගොස් වරදට සමාව දෙන ලෙස ඉල්ලා මන්ත්‍රයේ බලය නැවත ලබා දෙන ලෙස අයැද සිටියේය. එවිට ඇඳුරා කතාකොට, විස විසට පිළියම් ඇතත්, ගුණමකු කමට පිළියම් නොමැති බව පවසා බමුණා පලවා හැරියේය.