ප්‍රතිපත්ති
  Policies

සංවිධානයක වාර්ෂික අරමුණු ළඟා කර ගනු ලබන විධි හෙවත් මාර්ග එහි ප්‍රතිපත්තීන් ලෙස නිර්වචනය කළ හැකිය. නිශ්චිත අරමුණු ලඟා කර ගැනීමට උපකාරි වන මඟපෙන්වීම්, රීතින් සහ ක්‍රියාපටිපාටින් ප්‍රතිපත්තීන් වලට ඇතුළත් වේ. සංවිධානය තුළ තීරණ ගැනීමේදී සහ ඒකාකාර කටයුතු සිදුකිරීමේ දී මේවා කළමනාකරුවන්ට සහ සේවකයන්ට මඟ පෙන්වයි. සංවිධානයක ප්‍රතිපත්තීන් ද එහි කළමනාකරණ, අලෙවිකරණ, මුල්‍ය, ගිණුම්කරණ, නිෂ්පාදන, මෙහෙයුම්, මානව සම්පත්, පර්යේෂණ හා සංවර්ධන සහ කළමනාකරණ තොරතුරු පද්ධති යනාදි කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලැබේ. ප්‍රතිපත්තීන් ආයතනයක ඕනෑම මට්ටමක දී අනුගමනය කරනු ලැබිය හැකිය. නමුත්, සමහර අවස්ථාවන් කොට, මෙහෙයුම් මට්ටමේදී භාවිතා කළ හැකිය. උපායමාර්ග ක්‍රියාවට නැංවීමේදී ආයතනයෙහි ප්‍රතිපත්තීන් ද ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සංවිධානයක දෙපාර්තමේන්තු අතර සංගතභාවය සහ සම්බන්ධීකරණය පවත්වා ගැනීම පිණිස ප්‍රතිපත්තීන්, සේවක ප්‍රතිපත්තීන්, බෙදාහැරීමේ ප්‍රතිපත්තීන්, විකිණුම් ප්‍රතිපත්තීන් යනාදිය ආයතනයක ප්‍රතිපත්තීන්වලට නිදසුන් කිහිපයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017