කෙටි කාලීන අරමුණ
  Short Term Objectives

දිගු කාලීන අරමුණු කරා ලඟා වීමේ දී, සංවිධානයක් විසින් ලඟා කර ගත යුතු කෙටි කාලීන ඉලක්ක එහි වාර්ෂික අරමුණු ලෙස නිර්වචනය කළ හැකිය. දිගු කාලීන අරමුණු වගේම, වාර්ෂික අරමුණු ද මැනිය හැකි, ප්‍රමාණාත්මක, අභියෝගකාරි, යථාර්ථවාදි, අඛණ්ඩ සහ ප්‍රමුඛගත කළ හැකි යනාදි ලක්ෂණවලින් සමන්විත විය යුතුය. සංවිධානයක සමස්ත මට්ටම්වල දී මේවා ස්ථාපිත කරනු ලැබේ.

එලෙසම සංවිධානයක වාර්ෂික අරමුණ ද එහි කළමනාකරණ, අලෙවිකරණ, මුල්‍ය, ගිණුම්කරණ, නිෂ්පාදන, මෙහෙයුම්, මානව සම්පත්, පර්යේෂණ හා සංවර්ධන, සහ කළමනාකරණ තොරතුරු පද්ධති සම්බන්ධ කරගෙන දියුණු කළ යුතුය. සෑම දිගු කාලීන අරමුණක් සම්බන්ධයෙන්ම වාර්ෂික අරමුණු කාණ්ඩයක් දක්නට ලැබේ. සංවිධානයක උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ දී එහි වාර්ෂික අරමුණ ඉතාම ප්‍රයෝජනවත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017