උපායමාර්ග (Strategies)
  Strategies

සංවිධානයක දිගු කාලීන අරමුණු ලඟා කර ගනු ලබන ක්‍රම හෙවත් මාර්ග උපායමාර්ග ලෙස හැඳින්වේ. භූගෝලීය ප්‍රසාරණය, විවිධාංගිකරණය, අත්පත් කර ගැනීම, වෙළෙඳ පොළින් ඉවත් වීම, ඈවරකරණය, බද්ධ ව්‍යාපාර යනාදිය ව්‍යාපාරික උපායමාර්ගවලට නිදසුන් කිහිපයකි. සංවිධානයක ඉහළ කළමනාකරණ කිරීම සහ එහි විශාල ප්‍රමාණයක සම්පත් සම්බන්ධයෙන් උපායමාර්ග දියුණු කරනු ලැබේ. එලෙසම උපායමාර්ග සංවිධායක දිගු කාලීන පැවැත්මට හා සාර්ථකත්වයට ඉහළ බලපෑමක් කරයි. සංවිධානය මුහුණ දෙනු ලබන අභ්‍යන්තර හා බාහිර සාධක වලට සම්බන්ධ වී උපායමාර්ග ආයතනය තුළ බහු ශ්‍රිතීය ප්‍රතිඵල ජනිත කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017