දිගු කාලීන අරමුණු
  Long-term objectives

සංවිධානයක් විසින් එහි මෙහෙවර සම්බන්ධව ලඟා කර ගැනීමට බලාපොරොත්තු වන නිශ්චිත ප්‍රතිඵල එම සංවිධානයෙහි අරමුණ ලෙස නිර්වචනය කළ හැකිය. දිගුකාලය යනු, වසරකට වඩා වැඩි කාලයකි. මේ අනුව, වසරකට වඩා වැඩි කාලයක් තුළ දී ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු දිගු කාලීන අරමුණු ලෙස හඳුනා ගැනේ. සංවිධානයක සාර්ථකත්වයෙහි ගමන් මාර්ගය පෙන්නුමි කිරීම, සංවිධාන ප්‍රතිඵල ඇගයීමට ලක් කිරීම, සාමූහිකත්වය නිර්මාණය කිරීම, ප්‍රමුඛතා තීරණය කිරීම, සම්බන්ධීකරණය, අභිප්‍රේරණය හා පාලනය වැනි කටයුතු වලට මූලික පදනම දමනු ලබන බැවින් අරමුණු ඉතා වැදගත් වේ.

සංවිධාන අරමුණු අභියෝගකාරි වීම, මැනිය හැකි වීම, අදාළ වීම, තාර්කික වීම සහ පැහැදලි වීම වැනි මූලික ලක්ෂණවලින් සමන්විත විය යුතුය. වසර 5 ක් ඇතුළත දී 12% ක ආයෝජන මත ප්‍රතිලාභයක් ලඟා කර ගැනීම, 20% ක වෙළඳ පොළ කොටසක් අයත් කර ගැනීම යනාදිය දිගු කාලීන අරමුණුවලට නිදසුන් කිහිපයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017