බාහිර අවස්ථාවන් සහ තර්ජනයන්
  External Opportunities and Threats

ආයතනයක අනාගතයට හිතකර ලෙස හෝ අහිතකර ලෙස බලපානු ලැබිය හැකි ආර්ථික, සමාජීය, සංස්කෘතික, ජනවිද්‍යාත්මක, දේශපාලනික, නෛතික, රාජ්‍ය, තාක්ෂණික සහ තරඟකාරිත්ව ප්‍රවණතාවලින් බාහිර අවස්ථාවන් සහ තර්ජනයන් සමන්විත වේ. මේවා සාමාන්‍යයෙන් ආයතනික කළමනාකාරිත්වයට පාලනය කිරීම අපහසුය. සංඛ්‍යාංක විප්ලවය, ජීව තාක්ෂණය, ජනගහන වෙනස, කාර්යය සදාචාරයන් හා ආකල්පවල වෙනස, භූමි අර්බුදය, බලශක්ති අර්බුදය, චක්‍රීයකරණය කළ හැකි ඇසුරුම්, විදේශීය සමාගම් වලින් එල්ල වන ඉහළ තරඟය යනාදිය නූතන සංවිධාන මුහුණ දෙනු ලබන අවස්ථාවන් හෝ තර්ජනයන් වලට නිදසුන් කිහිපයකි. සංවිධානයකට බාහිර අවස්ථාවලින් වාසි ලබා ගැනීමටත්, බාහිර තර්ජනයන් මග හැරීමටත් උපායමාර්ගික කළමනාකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ආයතනයෙහි සාර්ථකත්වය වෙනුවෙන් බාහිර අවස්ථාවන් සහ තර්ජනයන් හඳුනා ගැනීම, සුපරික්ෂණය සහ ඇගයීම කරනු ලබන්නේ එහි උපායමාර්ගික කළමනාකරුවන් විසිනි.

(c) Shilpa Sayura Foundation 2006-2017