දැක්ම සහ මෙහෙවර (Vision and Mission)
  Vision and Mission

සංවිධානයක දැක්මෙන් පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන ප්‍රශ්නය වන්නේ, "සංවිධානය අනාගතයේ දී ලඟා වීමට බලාපොරොත්තු වන්නේ කුමන තත්ත්වයකට ද?" යන්නයි. සංවිධාන දැක්ම සාමාන්‍යයෙන් ප්‍රකාශනයක ආකාරයට දක්නට ලැබේ.

නිදසුනක් ලෙස : විශ්ව විද්‍යාලයක දැක්ම වන්නේ "ජාතික විශ්ව විද්‍යාලයක් හැටියට කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ටත්ව මධ්‍යස්ථානය ලෙස ප්‍රසිද්ධියක් ලබා ගැනීම පිණිස නව දැනුම නිර්මාණය කර ගැනීමට සහ ඉගෙනුම් සංස්කෘතියක් පවත්වා ගැනීමට සහ අධ්‍යයනයට සහ සමස්ත සමාජය තුළ ජාතික සංවර්ධනයට කැපවීමක් ස්ථාපිත කිරීමයි."

සංවිධානයක මෙහෙවර යනු, වෙනත් සමාන සංවිධාන වලින් එම සංවිධානය වෙන් කොට හඳුනා ගැනීමට උපකාර වන එම සංවිධානයෙහි මූලික කාර්යභාරය පෙන්නුම් කරන ප්‍රකාශනය යි. මෙය අදාළ සංවිධානයෙහි මෙහෙවර ප්‍රකාශනය ලෙස හැඳින්වේ. නිදසුනක් ලෙස: එම විශ්ව විද්‍යාලයෙහි මෙහෙවර ප්‍රකාශනය වන්නේ, "නිර්මාණශීලි, විශ්ලේෂණාත්මක හා ස්වාධීන චින්තනය සහ දැනුම නිර්මාණයට සහ බෙදාහැරීමට පහසුකම් ලබා දිය හැකි සහ කාර්යමණ්ඩලය, සිසු-සිසුවියන් හා සමාජයෙහි අදාළ කොටස් අතර හවුල් සම්බන්ධතා තුළින් ඉහළ සදාචාරාත්මක ප්‍රමිතීන් හා සමාජ වගකීමෙන් යුතු පුරුෂයන් හා ස්ත්‍රීන් නිර්මාණයට කැපවුණු ඉගැන්වීමේ හා පර්යේෂණය කිරීමේ විශිෂ්ට මධ්‍යස්ථානයක් බවට පත් වීමයි."

මේ අනුව, සංවිධානයක දැක්ම මගින් එහි අනාගත උපායශීලි අදහසක් මෙහෙවර මගින් එහි ව්‍යාපාරික කටයුත්ත කුමක්ද? යන්නත් පැහැදිලි කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017