Concepts in Strategic Management
උපාය මාර්ගඥයන් (Strategists)
සංවිධානයක සාර්ථකත්වයට ඉහළම වගකීමෙන් බැඳෙන පුද්ගලයන් උපායමාර්ගඥයන් ලෙස සැලකේ. ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියා, සභාපති, අයිතිකරු, කළමනාකාර අධ්‍යක්ෂ, විධායක අධ්‍යක්ෂ, උපකුලපති, පීඨාධිපති, ව්‍යවසායකයා වැනි විවිධ තනතුරු මොවුන්ට නිදසුන් කිහිපයකි.
මොවුන් සංවිධානයකට අවශ්‍ය කරන තොරතුරු සංවිධානය කර ගැනීමට සහ තොරතුරු විශ්ලේෂණය කිරීමට උපකාරි වේ. කර්මාන්ත ප්‍රවණතා සහ තරගකාරිත්ව ප්‍රවණතා හඳුනා ගැනීම, පුරෝකථන ආකෘතීන් දියුණු කිරීම, අවස්ථාවන් විශ්ලේෂණය කිරීම, ආයතනික හා ආංශික කාර්යඵලය ඇගයීම, වර්ධනය වන වෙළඳ පොළ අවස්ථාවන් හඳුනා ගැනීම, ව්‍යාපාරික තර්ජනයන් හඳුනා ගැනීම, නිර්මාණශීලි ලෙස ක්‍රියාකාරි සැලසුම් සංවර්ධනය කිරීම යනාදිය මොවුන්ගේ වැදගත් කාර්යයන් කිහිපයකි. සංවිධානයක ප්‍රධාන විධායක නිලධාරියා, එහි ඉතාම වැදගත් උපායමාර්ගික කළමනාකරු ලෙස සැලකේ.
උපායමාර්ගඥයන් සංවිධානවල ස්වභාවය, උපායමාර්ගඥයන්ගේ ආකල්ප, අගනාකම, ආචාරධර්ම, රුචිකත්වයන්, දර්ශනයන් යනාදියට අනුව වෙනස්වේ. කෙසේ වෙතත්, අද ඕනෑම උපායමාර්ගඥයකු තම සංවිධානවල ලාභදායිත්වයට අමතරව සමාජ වගකීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.