කියමන : පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා සේ.
තේරුම : කළයුතු දේ තිබියදී අනෙකක් කිරීම.
අතීත කතාව - පය බරවා ඇති රෝගියෙකුට බෙහෙතක් නියම කළ වෙදැදුරෙක් ඇටැටි කීපයක් ලියා දී ඒවා අඹරා පිටිකර ගැල්විය යුතු බව දැන්වීය.
වෙදරාල කී දේ වරදවා තේරුම්ගත් අනෙක් තැනැත්තා ඇටැටි අඹරා ලෙඩාගේ පිටිකරට තබා බැන්දේය. අවසානයේ සුවයක් නොවූ හෙයින් ඒ බව සැලකිරීමට ගිය රෝගියාත්, සාත්තු කරන්නාත් වෙදාගෙන් හොඳ හැටි බැණුම් අසා ආපසු පැමිණියහ.