
ද්‍රවිඩ ආක්‍රමණ නිසාත්, පාලන තන්ත්‍රයේ වැදගත් නිලතල හෙබවූ නිලදරුවන් රුහුණට පලායාම නිසාත් ධාතුසේන රජු රජවීමට පෙර වසර 27ක කාලය අවුල් වියවුල්ව අනුරාධපුර රාජධානිය පිරිහෙමින් පැවතිනි. එකල්හි පහත සඳහන් ස්ථාන ජනාවාසව කෘෂිකාර්මික සමාජයයක් ගොඩනැගී තිබුණි.
1. තම්මැන්නාව
2. උපතිස්ස ග්‍රාම
3. මහාතිත්ථ
4. අනුරාධපුර
5. ගෝකන්ණ
6. චේතියගිරිය
7. දිඹුලාගල
8. දීඝවාපිය
9. කැළණිය
10. චිත්තල පබ්බත
11. මාගම
12. මහියංගනය
13. දඹකොල පටුන
මෙම පරිහානිය මැඩ පවත්වන ලද්දේ ධාතුසේන හා කාශ්‍යප රජ සමයන්වලය. එම රාජ්‍ය සමයන් හිදී කලාව, කෘෂිකර්මය, අධ්‍යාපනය, වෛද්‍ය කර්මය, ලෝකඩ කර්මාන්තය හා වාස්තු හා ඉංජිනරු විද්‍යාවද දියුණුවට ගිය යුගයන් බව පෙනේ.
සිරිමේගවණ්ණ රජු රජුගේ පටන් මහානාම රජු අවධිය දක්වා වර්ෂ එකසිය තිහක පමණ කාලය ප්‍රධාන ලම්බකණ්ණ වංශයේ රාජ්‍ය සමයේ අවසාන කාලය ලෙස දැක්වේ. මහානාම රජු අග මෙහෙසියට පුතකු නොසිටි බැවින්, ඔහුගේ ඇවෑමෙන් ඔහුට දාව දමිළ බිසවකට දාව උපන් සොත්ථිසේන කුමරුට රාජ්‍යය හිමිවූ බවත්, එහිදී ඔහු පෙරවරු රජවී දාවල
අහරට දමා දුන් විස කා මළ රාජාවලියේ කියැවේ. .
සීගිරි කාශ්‍යප දක්වා හැඩගැහෙන ඉතිහාසය තුල රාජකීයන් විසින් රාජකීයන් ඝාතනය දුර්ලභ සිද්ධියක් නොවන බව මින් පෙනේ.
