සිංහල ජන නාට්‍ය අතර කෝළම් වලටද වැදගත් තැනක් හිමිවෙයි.කෝළම් නැටීම නාට්‍ය ධර්ම ඝනයට අයත්වේ.සොකරිය තරම් පහසු නොවන අතර මෙයට පිළිගත් සිද්ධාන්ත තිබේ.වෙස් මුහුණු නාට්‍ය ලෙසද හැඳින්වේ.දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල මෙම ජන නාට්‍ය ප්‍රසිද්ධවේ.
කඳුරැ, රැක් අත්තන,සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සදනලද වර්ණවත් වෙස් මුහුණු පැළද නැටීම කෝළම් වල ප්‍රධාන ලක්ෂණයකි.කෝළම් නාට්‍යයේ ප්‍රථම භාගයේදි කථා වස්තුවට සම්බන්ධ නැති විවිධ පාත්‍රයන් ඉදිරිපත් කොට අවසානයේ කථා වස්තුවක් හෝ දෙකක් නිරෑපනය කෙරේ.මේ නිරෑපණය සඳහා මාධ්‍ය වශයෙන් උපයෝගී කොට ගන්නේ කවි කීම හා හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරෑපයෙන් ඉදිරිපත් කිරිම සඳහා කවියට නඟා සකස් කරන ලද කථා වස්තු කිහිපයක් කෝළම් නාට්‍ය කණ්ඩායම සතුවේ.
ස්ත්‍රිය හාස්‍යයට ලක්කිරිමක් මෙම නාට්‍යය තුළ සිදුවේ.ඒ සඳහා යම් යම් සංවාද යොදාගනි.මඩුවක් තනා එය ඉදිරිපිට සකස් කරන ලද රඟමඩලක කෝළම් නැටීම සිරිතවේ.පොතේ ගුරැන්නාන්සේ හෙවත් කාරියකරවනරාළ පළමුව ත්‍රිවිධ රත්නයට නමස්කාරකොට දේවාරාධන ගී ගයයි.ඉක්බිති කෝළම් උපත කවියෙන් කීමට පටන්ගනි. මෙම කවි ගායනයෙන් පසු කෝළම් නැටුම මුලින්ම කරන්නට යෙදුන අවස්ථාව සඳහන් කරන අතර ඉනික්බිත්තෙන් විවිධ වු කෝළම් පාත්‍රයන් ගණනාවක් සභයට ඉදිරිපත්වේ.සඳ කිඳුරැ,මනමේ වැනි කථා මෙහිදි රඟ දැක්වේ
කෝලම් නිර්මාණය හා රංගනය ගැමියන්ගේ කලා කුසලතාවන් මෙන්ම ගැමි කලාවක් ඉදිරිපත් කිරිමෙහි ඔවුන් සතුවු පෞරැෂයද මැනවින් විදහා දක්වයි.