ස්වතන්ත්‍ර
සසර කළකිරී බවුන් වඩන කොසඹ රජුගේ පුත් උපක කුමරුන් හා විවාහ වීමේ මනදොලක් පංචාලි කුමරියට ඇතිවෙයි. ඇය දැඩි කැපකිරීම් කර උපක කැමති කරවාගෙන ඔහු හා විවාහ වෙයි. නව යුවල පංචාලිගේ පිය රජතුමාගේ සෙවනේ වසන අතර දියණියක් ද ලබයි.
උපකට තාවකාලිකව රජකම භාරදී පියරජු විදෙස් සංචාරයක යෙදේ. එසැනින් පරසතුරන් රට ආක්‍රමණය කරයි. උපක තම සේනාවට යුද්ධ කිරීමට අණ නොදෙයි. මෙය දැන ගත් පියරජු කෝපයෙන් ආපසු පැමිණ දඬුවම් ලෙස උපක පිටුවහල් කරවයි.
පංචාලි හා දියණිය ද උපක සමඟ යති. පංචාලිගේ විරෝධය මැද පදිංචිය සඳහා දුෂ්කර වූ වනගත පෙදෙසක් උපක තෝරා ගනී. පෙර හැඳින සිටි මධුරා සිටුතුමා පංචාලි සමඟ හාද වෙති.
උපක සිය පවුල කොසඹ රාජ්‍යයට කැටුව යාමට සැලසුම් කරයි. බොහෝ සතුටින් පැමිණෙද්දී සිටුතුමා උපකගේ හිසට මරු පහරක් එල්ල කර පංචාලි සහ දියණිය සිය මැදුරට කැටුව යයි. සිටුතුමාගේ විවාහක බිරිඳ පංචාලිට පහරදී පන්නයි.
බිරිඳගේ දේපළින් යැපෙන සිටුතුමාට කරකියා ගන්න දෙයක් නැතිවෙයි. දියණිය සමඟ මහවනය දිගේ යන පංචාලිට භික්ෂුවක් හමුවෙයි. භික්ෂුව සිය පියාම බව දියණිය හඳුනා ගනී. භික්ෂුව මඟඵල ලබා ඇති බව හෙළිවේ.
ජාතික නාට්‍ය උළෙලේ සිව්වන දිනය වන අද (05) සවස 6 ට ආනන්ද සේනාරත්න නිෂ්පාදනය කළ ‘’පංචාලි නාඩගම’’ නාට්‍ය ජෝන්ද සිල්වා සමරු රඟහලේදී වේදිකා ගත කෙරේ.
මෙහි අඩංගු කථාව භාරතීය පරිසරය තේමාකොටගෙන රචනා කරන ලද ස්වාධීන නිර්මාණයකි. මෙම කතාව බුදුන් විසූ සමයේ භාරත දේශයේ පරිසරයට උචිත සේ නිමවා ඇත.
මෙහි වැදගත්ම අංගය වනුයේ නාඩගම් යුගයේ නොපැවති නව නාඩගම් සිංදුරාග අළුතින් නිර්මානය කර මෙම නාටකය මඟින් එළිදැක්වීමයි. මෙම නව මද්දල් පද කිහිපයක්ද නව සින්දුරාග සමඟ නාඩගම් කලාවට හඳුන්වා දී ඇත. මෙය සින්දු විසි දෙකකින් සහ සුගායනීය පොතේ ඉන්නිසි එවැනිම ප්‍රමාණයකින් පීරි ඇති අතිශය ගීතවත් නාටකයකි.
මෙම නාටකයෙහි රංගනය හා ගායනය සඳහා තෝරාගෙන ඇත්තේ දිවයිනේ සිටින දක්ෂතම ආධුනික ශිල්පීන්ය. සම්මුඛ පරික්ෂණ මාලාවක් පවත්වා නාටකයට අවශ්‍ය සුදුසුම ශිල්පින් තෝරා ගෙන ඇත.
රඟන්නෝ. . . . . . .
පංචාලී කුමරිය
පංචාල රජු
පංචාල බිසව
පංචාලී ගේ දියණිය
උපක
මධුරා සිටු
සිටු දේවිය
මහ ඇමති
පොතේ ගුරු
රචනය හා නිෂ්පාදනය - ආනන්ද සේනාරත්න