ගුරුන්ටත් අකුරු වරදී
 

කියමන : ගුරුන්ටත් අකුරු වරදී.
තේරුම : දක්‌ෂයින් අතින් පවා වැරදි සිදුවන බව.

අතීත කතාව - නැකැත් ශාස්‌ත්‍රයේ කෙල පැමිණි විසිදාගම හිමියෝ ගලක්‌ මත පැල ඉණි සිටුවිය හැකි බලවත් නැකතක්‌ සොයා ගත්හ. නියම මොහොත එළඹි අවස්‌ථාවේ ගුරුන් වහන්සේ ඉන්න ඔසවා ගලේ අනින්නට යනවාත් සමගම නැකත පසු වී ගිය නිසා එම අදහස ඉටුකොට ගත නොහැකි විය.

ගෝල හිමිනම තමන් වහන්සේ සිටුවන ඉන්න පා ඇඟිලි මත තබා සිට නියම මොහොතේදී පොලොවට තද කිරීම නිසා එම කටයුත්ත සාර්ථක වීලු. ගුරුවහන්සේ නිහතමානිව තම පරාජය පිළිගත්හ.

(c) Shilpa Sayura Foundation 2006-2017