කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය
 

කර්මාන්තවල පරිමාණය විවිධ ආයතන මඟින් නොයෙක් නිර්ණායක යටතේ වර්ග කරයි. පරිමාණය අනුව කර්මාන්ත ප්‍රධාන වර්ගීකරණ දෙකක් ගැන සාකච්ඡා කෙරේ.


1. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත

2. මහා පරිමාණ කර්මාන්ත

මෙම වර්ගීකරණයට නිර්ණායක ඉදිරිපත් කිරීම සිදු කරන්නේ සේවා සපයන ආයතනයේ සේවා සැපයුම් සීමාව සකස් කර ගැනීම සඳහාය. ඒ අනුව එවැනි නිර්ණායක දක්වන අවස්ථා කිහිපයක් උදාහරණ ලෙස පහත දක්වමු.


කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්ත පරිමාණය වර්ග කරනු ලබන්නේ යොදවා ඇති ප්‍රාග්ධනය ප්‍රමාණය මත ය.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කර්මාන්ත පරිමාණය වර්ග කරනු ලබන්නේ විදුලි පරිභෝජන ප්‍රමාණය මත ය.
(c) Shilpa Sayura Foundation 2006-2017