සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය
 

කිසියම් මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක අඩංගු අණුවල හෝ අයනවල මූලික සූත්‍රය එහි මූලික සූත්‍ර ඒකකය ලෙස සලකනු ලැබේ. කාබන්ඩයොක්සයිඩ්වල මූලික සූත්‍ර ඒකකය CO2 ය. හයිඩ්රජන් අණුවක මූලික සූත්‍ර ඒකකය H2 ය. අයනික සංයෝගයක් වන සෝඩියම් ක්ලෝරයිඩ්වල මූලික සූත්‍රය වන්නේ NaCl ය. මෙම මූලික සූත්‍රයක අඩංගු පරමාණුවල හෝ අයනවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සහ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය ලෙස දක්වනු ලැබේ. මේ අනුව ද්‍රව්‍ය කීපයක සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ කිහිපයක් සෝයා බලමු.

හයිඩ්රජන් - හයිඩ්රජන් වායුව නිදහසේ පවතින්නේ H2 අණුවක් ලෙසට ය. හයිඩ්රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකකි. එවිට හයිඩ්රජන්වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය වන්නේ දෙකකි. කාබන් ඩයොක්සයිඩ් අණුවක මූලික සූත්‍රය වන්නේ Co2 ය. එවිට එහි අඩංගු පරමාණුවලට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ආදේශ කළ විට (12+16+16) 44කි. එනිසා කාබන් ඩයොක්සයිඩ්වල මූලික ස්‍රත්‍ර ස්කන්ධය 44 කි.

සෝඩියම් ක්ලෝරයිඩ් -  සෝඩියම් ක්ලෝරයිඩ් යනු අයනික සංයෝගයකි. කුඩා ම සෝඩියම් ක්ලෝරයිඩ් කොටසක සූත්‍ර වන්නේ NaCl ය. එම අයනවලට අදාළ අයන ස්කන්ධ ආදේශ කළ විට එහි ස්‍රත්‍ර ස්කන්ධය ලබා ගත හැකිය. Na+=23  Cl-=35.5 එවිට සෝඩියම් ක්ලෝරයිඩ්වල සූත්‍ර ස්කන්ධයක් වන්නේ 23+35.5 කි.

(c) Shilpa Sayura Foundation 2006-2017