කරුංකා ගෙඩියෙන් පරංගි සංහාරෙ කළා වගේ
 

කියමන : කරුංකා ගෙඩියෙන් පරංගි සංහාරෙ කළා වගේ.
තේරුම : නුවණ ඇත්නම් කළ නොහැකි කිසිවක්‌ නැත.

අතීත කතාව - දෙවන රාජසිංහ රජු හා සටනට පැමිණි පරංගි හමුදාවක්‌, මහා වැස්‌සකට හසු වී ගණේතැන්නේ කඳවුරු බැඳ වැස්‌සට තෙමුන වෙඩි බෙහෙත් සියල්ල අව්වේ වියලෙන්නට දමා තිබිණි. මේ බව ඔත්තු කරුවෙකුගෙන් දැනගත් රජු දුනුවායෙකු හා කරුංකා පුවකක්‌ ගෙන්වා පුවකේ මදය ඉවත්කර ඊට ගිනි අඟුරු ඇතුළු කොට කඳු මුදුනක සිට පරංගි කඳවුරට විද හැරියේය.

ගිනිගෙන දැවෙමින් තිබූ කරුංකා ලෙල්ල වෙඩි බෙහෙත් මත වැටෙනවාත් සමඟ ඒවා ගිනිගෙන පුපුරා මුළු කඳවුරම විනාශයට පත්විය. උපායේ දක්‌ෂකම නිසා සතුරාට එරෙහිව මේ සා විශාල හානියක්‌ සිදුකිරීමට වැය වූයේ කරුංකා පුවක්‌ ගෙඩියක්‌ පමණී.

(c) Shilpa Sayura Foundation 2006-2017