අණු ස්වරූපයෙන් පවතින සමහර සංයෝග ත්‍රිමානව අණුක දැලිස ලෙස පවතින අවස්ථා වේ. ආවර්තිනා වගුවේහතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන සිලිකන් ඔක්සිජන් සමග එකතු වී සෑදෙන සිලිකන් ඔක්සයිඩය පවතින්නේ ද දියමන්තිවලට සමානව ත්‍රිමාන තලයක් තුළය. සිලිකන්වල සංයුජතාව හතරකි. සිලිකන් මගින් ඔක්සිජන් සමග යෝධ අණුක දැලිසක් සාදා ගනී. මෙම හේතුව නිසා සිලිකන් ඔක්සයිඩය දියමන්ති මෙන් ද්‍රවාංකය සහ තාපාංකය ඉහළ තද ද්‍රව්‍යයක් බවට පත්ව තිබේ.