සහසංයුජ බන්ධන රසායනික සූත්‍ර ලිවීම
 
සහසංයුජ සංයෝග සඳහා රසායනික සූත්‍ර ලිවීම සඳහා ඉහත අයනික සංයෝග සඳහා යොදා ගත් ක්‍රමය ම යොදා ගත හැකිය. සහසංයුජ සංයෝගවල ආරෝපිත අයන නොමැත. එබැවින් මෙහි දී අප උපයෝගි කරගන්නේ සහසංයුජ සංයෝග සෑදෙන මූලද්‍රව්‍යවල සහසංයුජ බන්ධන සංඛ්‍යාවයි.

උදාහරණ ලෙස හයිඩ්රජන්වල ඇත්තේ සහසංයුජ බන්ධන එකකි. නයිට්රජන්වල එය තුනකි. කාබන්වල එය හතරකි. ඒ අනුව අපට එම ද්‍රව්‍යවල සංයුජතාව නිගමනය කළ හැකිය. එම පරමාණුව මගින් සාදන බන්ධන ප්‍රමාණය අනුව එහි සංයුජතාව තීරණය වේ.

නයිට්රජන් සහ හයිඩ්රජන් යන මූලද්‍රව්‍ය දෙක එකතු වී ඇමෝනියා වායුව සෑදේ. 

ඇමෝනියා වායුවේ සූත්‍රය සකසා ගන්නා ආකාරය විමසා බලමු.


පළමුව අදාළ මූලද්‍රව්‍යවල සංකේත ලියන්න.
අදාළ මූලද්‍රව්‍යවල සහසංයුජ බන්ධන ප්‍රමාණ යටින් ලියන්න.

සූත්‍රය සැකසීම සඳහා බන්ධන සංඛ්‍යාව දක්වන අංක මාරුකර යටින් ලියන්න. NH3

මෙලෙස කාබන් ඩයොක්සයිඩ් සඳහා ද සූත්‍රය සකසමු. 
අදාළ මූලද්‍රව්‍යවල සංකේත C O 
අදාළ බන්ධන (සංයුජතා ප්‍රමාණය) 4 2
සංඛ්‍යා මාරු කර යෙදූ විට C2 O4
සූත්‍රය සරල කළ විට CO2

මෙලෙස ජලය සඳහා ද සූත්‍රය සකසමු.

අදාළ මූලද්‍රව්‍යවල සංකේත H O
අදාළ සහසංයුජ බන්ධන ප්‍රමාණ 1 2
සහසංයුජ බන්ධන ප්‍රමාණ මාරු කර යෙදූ විට H2O
ජලයේ රසායනික සූත්‍රය වන්නේ H2O ය.

සියළුම සහසංයුජ බන්ධන ඇති ද්‍රව්‍ය සඳහා එකම ක්‍රමය යොදා ගැනීම කළ නොහැකි ය. 
උදාහරණ : හයිඩ්රජන් පෙරොක්සයිඩ් H2O2,ඊතේන් C2H6, ප්‍රොපේන් C2H8
(c) Shilpa Sayura Foundation 2006-2017