ලුවිස් ව්‍යුහ
  රසායනික බන්ධන සෑදීමට සෑම විටම මූලික වන්නේ පරමාණුවල අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන මගින් වේ. මෙම අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ හිල්බට් ලුවිස් සහ අර්වින් ලැංහ්මුයර් නම් විද්‍යාඥයන් විසින් 1916 දී ය. මෙය නිරූපණය කර අඳින ඉලෙක්ට්‍රෝනික වි්න්‍යාස සටහන් ලුවිස් ව්‍යුහ ලෙස දක්වයි.

මීතේන් අණුවක් සෑදීමේ දී ඉලෙක්ට්‍රෝන කවච සම්පූර්ණ කර ගනිමින් උච්ච වායුවක ව්‍යුහය ලබා ගන්නා ආකාරය එවැනි ව්‍යුහයකි.


(c) Shilpa Sayura Foundation 2006-2017