සහසංයුජ බන්ධන මගින් රසායනික සංයෝග සාදන ආකාරය
 

මෙතෙක් අප බොහෝදුරට විමසා බැලුවේ එකම මූලද්‍රව්‍යයකට අයත් පරමාණුවලින් සහසංයුජ බන්ධන ඇති අණු සෑදෙන ආකාරයයි. මූලද්‍රව්‍ය දෙකකට හෝ වැඩි ගණනකට අයත් පරමාණු සහසංයුජ බන්ධන මගින් එකතු වී ඇති විශාල රසායනික සංයෝග ප්‍රමාණයක් සාදයි. මෙස් සෑදෙන විවිධ රසායනික සංයෝග අපට එදිනෙදා ජීවිතයේ දී අතිශයින් ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස එවැනි සහසංයුජ සංයෝග වන ජලය, සීනි, පිටි, පෙට්රල්, එල්.පී. වායු වැනි ද්‍රව්‍ය නොමැතිව අපගේ එදිනෙදා ජීවන කටයුතු පවා කරගෙන යා නොහැකි වනු ඇත. මෙස් අපගේ එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය, පාන වර්ග, ඇඳුම් පැලදුම්, තීන්ත වර්ග, ප්ලාස්ටික් වර්ග, ඖෂධ, කෘමි නාශක වැනි විවිධ ද්‍රව්‍ය වර්ග මිලියන ගණනක් මෙවැනි සහසංයුජ සංයෝගවලින් සෑදී තිබේ. සහසංයුජ බන්ධනවලින් සෑදුන සරල සහසංයුජ සංයෝග කීපයක් සෑදී ඇති අයුරු විමසා බලමු. මේ සඳහා ඔබට ඉදිරිපත් කර ඇති පහත රූප සටහන්වල දක්වා ඇත්තේ එම සංයෝග සෑදෙන මූලද්‍රව්‍යවල බාහිර ම ශක්ති මට්ටම්වල අඩංගු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් පමණක් බව සලකන්න.

(a) මීතේන් CH4

ජීව වායුව සහ ස්වාභාවික වායුව තුළ අඩංගු මීතේන් අපට ඉන්ඒනයක් ලෙස ඉතා ප්‍රයෝජනවත් වන වායුවකි. එය සෑදී ඇත්තේ කාබන් පරමාණුවක් සමඟ හයිඩ්රජන් පරමාණු හතරක් සහසංයුජ බන්ධනවලින් එකත‍ වීමෙනි. මෙහිදී හයිඩ්රජන් හීලියම්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ද ලබා ගනී. 2.24 රූප වලින් දක්වා ඇත්තේ එම පරමාණුවල බාහිර ම ශක්ති මට්ටම්වල ඇති ඉලෙක්ට්‍රෝනයි.

(b) ඇමෝනියා සෑදීම NH3

ඇමෝනියා යනු නයිට්රජන් පරමාණුවක් සමඟ හයිඩ්රජන් පරමාණු තුනක් එකතු වී සෑදෙන වායුවකි. එය සෑදෙන ආකාරය පහත දැක්වේ.

සහසංයුජ සංයෝගවල ගුණ
* සාමාන්‍ය තත්වයේ දී පවතින්නේ ද්‍රව හෝ වායු තත්වයෙනි.
* ද්‍රවාංක සහ තාපාංක පහළය.
* සංයෝග ස්වල්පයක් හැර බොහෝ ද්‍රව්‍ය ජලයේ දිය නොවේ.
* කාබනික ද්‍රාවණවල දිය වේ.
* ද්‍රාවණ හෝ විලීන තත්වයේ ඇති සහසංයුජ සංයෝග විද්‍යූතය සන්නනය නොකරයි.
* සහසංයුජ සංයෝග අතර ප්‍රතික්‍රියා හෙමින් සිදු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017