ක්ලෝරින්, බ්‍රෝමින් සහ අයඩින් යන හැලජන් කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය තුළ ද ඇති වන්නේ සහසංයුජබන්ධන එකකින් සෑදුන අණු ය. එය සිදුවන ආකාරය 2.19 රූප සටහනින් දක්වා ඇත.
ක්ලෝරින් පරමාණු දෙකක් තුළ ඇත්තේ සහසංයුජ බන්ධන එකකි. එබැවින් එහි බන්ධන 1.19 රූපයේ ලෙස දැක්විය හැකි ය. ක්ලෝරින් අණුවක න්‍යෂ්ටි දෙක අතර දුර නෙනෝ මීටර 0.19 වේ. ක්ලෝරින්වලට වඩා විශාල විෂ්කම්භයක් ඇති බ්‍රෝමින් අණු සහ අයඩින් අණු ද සෑදෙන්නේ ඉහත ආකාරයට ය. එනමුත් එම අණුවල විෂ්කම්භය ක්ලෝරින්වලට වඩා වැඩි ය. 2.20 රූපය ඊට හේතු වන්නේ ඒවායේ අඩංගු ශක්ති මටිටම් ප්‍රමාණය වැඩි වීම ය.
2.7.3 සෑම සහසංයුජ බන්ධනයක් තුළම අඩංගු වන්නේ බන්ධන එකක් පමණ ද?
එසේ වන්නේ නැත. ඔක්සිජන් අණුවක් සෑදෙන විට අදාළ සහසංයුජ බන්ධනය සකසා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන යුගලයක් පමණක් ප්‍රමාණවත් නොවේ. උච්ච වායුවක ව්‍යුහය ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් උපයෝගි කර ගැනීමට සිදු වේ. එබැවින් ඔක්සිජන් අණුවක් තුළ සහසංයුජ බන්ධන යුගලයක් අඩංගු වේ.
එය නිරූපණය කරන්නේ 2.21 රූපයේ ඇති ආකාරයට ය. එවැනි බන්ධනයකට ද්විත්ව බන්ධනයක් යැයි කියති. එවැනි ඔක්සිජන් අණුවක ආකෘතියක් 2.21 රූපයෙන් දක්වා ඇත. එලෙසටම හයිඩ්රජන් අණුවක් සාදා ගැනීමට බාහිර ශක්ති මට්ටමේ අඩංගු ඉලෙක්ට්‍රෝන ජෝඩු තුනක් උදව් කර ගැනීමට සිදු වේ. එබැවින් හයිඩ්රජන් අණුවක් තුළ සහසංයුජ බන්ධන තුනකි. එවැනි බන්ධනයකට ත්‍රිත්ව බන්ධනයක් යැයි කියති. 2.22 රූපය
එසේම පොස්පරස්, සල්පර් වැනි අලෝහ ද්‍රව්‍ය තුළ ද ඇත්තේ සහසංයුජ බන්ධනයයි. මෙම සහසංයුජ බන්ධනවල ස්වභාවය තරමක් සංකීර්ණය. ඔක්සිජන්, හයිඩ්රජන්, ක්ලෝරින් වැනි ද්‍රව්‍ය අතර සෑදෙන සහසංයුජ බන්ධනවලට සරල සහසංයුජ බන්ධන යැයි කියනු ලැබේ. මෙම සරල සහ සංයුජ බන්ධනවල අඩංගු අණු තුළ ඇති අන්ත: අණුක ආකර්ෂණය ඉතා ප්‍රබල ය. එනමුත් එක්එක් අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල දුර්වල ය. (2.23 රූපය) ජලය තුළ ඇත්තේ ද සරල සහසංයුජ බන්ධන දෙකකි. මෙවැනි ද්‍රව්‍ය තුළ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ප්‍රබල බන්ධනයක් ඇති කර ගන්නා අතර එක් එක් ජල අණු අතර ඇත්තේ දුර්වල ආකර්ෂණයකි. එබැවින් අණුව තුළ ඇති අන්ත: අණුක ආකර්ෂණය ප්‍රබල වන අතර අණු, අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ දුර්වලය. එබැවින් එවැනි සහසඛයුජ සංයෝග පවතින්නේ වායු හෝ ද්‍රව තත්වයෙනි. ඒවායේ ද්‍රවාංකය සහ තාපාංක ද අඩු ය. එසේම එම ද්‍රව්‍ය තුළ අයන නොමැති බැවින් ද්‍රාවණයකදී විද්‍යූතය සන්නයනය නොකරයි.