මී බින්ඳුවකින් ගමක්‌ ගිනිගත්තා වගෙයි
 

කියමන : මී බින්ඳුවකින් ගමක්‌ ගිනිගත්තා වගෙයි.
තේරුම : සුළු ප්‍රමාදයකින් විශාල හානියක්‌ සිදුවිය හැකි බව.

අතීත කතාව - බෙහෙතකට මී පැණි ස්‌වල්පයක්‌ ගෙන ඒමට අසල කඩයකට ගිය මිනිසෙකු පසුපස ගෙදර බල්ලාද ගියේය. කඩකරුවා මී පැණි වත්කර දෙනවිට එක පැණි බිංදුවක්‌ බිම වැටුණේය. ඒ අසල සිටි මැස්‌සෙක්‌ පියඹා විත් පැණි බින්දුවේ වැසූ අතර, මැස්‌සා ඩැහැගැනීමට හූනෙක්‌ එතැනට පැන්නේය.

හූනා දුටු කඩේ සිටි බළලා ඌ ඇල්ලීමට පැන්නේය. බළලුන් පසුපස හඹායාම බල්ලන්ගේ සිරිත වන හෙයින් මිදුලේ සිටි බල්ලා බළලා අසලට පැන්නේ බඩු රාක්‌කයක්‌ද පෙරළාගෙනය. මෙයින් කිපුන කඩහිමියා තරාදි පඩියක්‌ ගෙන බල්ලාට දමා ගැසුවේය. බල්ලාට ගැසීම නිසා කිපුන ගනුදෙනු කරුවා කඩහිමියාට බැණ වැදුනේය.

කඩහිමියා හා ගණුදෙනු කරුවා අතර ඇතිවූ ආරවුල කෙළවර වුණේ දෙපිලට බෙදුන ගම්වැසියන් එකිනෙකා හා ඇනකොටා ගැනීමෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017