අයනික සංයෝගවල ගුණ
 

අයනික බන්ධන අඩංගු අයනික සංයෝග තුළ කැපී පෙනෙන ගුණ සමූහයක් ඇත. එම ගුණ කිහිපයක් පහත දැක්වේ.

* අයනික සංයෝග සාමාන්‍ය තත්ත්වයේ දී පවතින්නේ ස්ථටික රූපි ඝන ද්‍රව්‍ය වශයෙනි.

* ඒවායේ ද්‍රවංකය සහ තාපාංකය ඉහළ අගයයක් ගනී.

* අයනික සංයෝග ජලයේ හොඳින් දිය වේ.

* මෙම සංයෝග කාබන් ඩයි සල්පේට්, බෙන්සින් වැනි කාබනික ද්‍රාවණවල දිය නොවේ.

* අයනික ද්‍රව්‍ය ජලයේ දිය කළ විට එම ද්‍රාවණ හොදින් වද්‍යුතය සන්නයනය කරයි. එසේම අයනික සංයෝග තාපය දී විලීන කළ විට ද විද්‍යූතය සන්නයනය වේ.

* අයනික සංයෝග අතර සිදුවන ප්‍රතික්‍රියා ඉතා වේගවත්ය.

අයනික සංයෝග ස්ථටික රූපිව පවතින්නේ ඒවායේ අඩංගු ප්‍රතිවිරුද්ධ ආරෝපණ අනුපිළිවෙළකට මාරුවෙන් මාරුවට පිහිටා ඇති නිසා ය. එබැවින් කිසියම් අයනයක් වටා ප්‍රතිවිරුද්ධ අයන හයක් පිහිටා තිබේ. උදාහරණයක් ලෙස සෝඩියම් ක්ලෝරයිඩ්වල සෝඩියම් අයනය (Na+) වටා ක්ලෝරයිඩ් අයන (Cl-) හයක් පිහිටා තිබේ. මෙහිදී අයනික සංයෝග අඩංගු අයන වර්ග සහ එම අයනවල විශාලත්වය අනුව මෙසේ අයනික ව්‍යූහය සැකසේ. මෙසේ සෑදෙන ත්‍රිමාන ආකාරයට පවතින යෝධ ව්‍යූහයන්ට අයනික දැලිසක් යැයි කියනු ලැබේ. අයනික දැලිසක ඇති ධන සහ සෘණ අයන සංඛ්‍යාව සමාන බැවින් එම ව්‍යූහය ස්ථතික වශයෙන් උදාසීනවය.

අයනික සංයෝග තද නමුත් ඒවා ලෝහ මෙන් තද නැත. එවැන්නකට තදින් පහරක් දුන් විට අයනික ව්‍යූහය පුපුරා යයි. මෙයට හේතු වන්නේ එහි අඩංගු අයන පිහිටා ඇති ආකාරයනිසාය. 2.13 රූපයේ දක්වා ඇති අන්දමට අයනික ව්‍යුහයට බලයන් දුන්නායයි සිතන්න. A රූපය. එවිට ස්ථටික ව්‍යූහය වෙනස් වී B රූපයේ ලෙස සමාන ආරෝපණ එකිනෙකට සමීප වේ. එවිට සමාන ආරෝපණ අතර විකර්ෂණය සිදු වී පුපුරා යයි. එම හේතුවෙන් අයනික සංයෝග ලෝහ මෙන් තැලීමකට හෝ ඇදීමකට පත් කළ නොහැකිය.

බොහෝ අයනික සංයෝගවල අයන පිහිටා ඇති ආකාරයට බාධා කිරීම සඳහා ජලය යොදා ගත හැකි ය. ජල අණුවේ ඇති ස්වභාවයක් නිසා බොහෝ අයනික සංයෝග එය තුළ දිය වේ. මෙහිදී අයන අතරට ජල අණු ගමන් කර එහි පිහිටීම වෙනස් කර අයන වෙන්කර දමයි.

ද්‍රාවණයක් තුළ අඩංගු අයනවලට නිදහසේ ආරෝපණ ගෙන යා හැකිය. එසේම ඒවා විලීන කළ විට ද අයනවලට නිදහසේ ගමන් කළ හැකි බැවින් විද්‍යූතය සන්නයනය කළ හැකි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017