ඉහත අයුරින් ම බහු පරමාණුක අයන නොහොත් ඛණ්ඩක සඳහා ද සූත්‍ර සකසා ගැනීම කළ හැකි වේ. මෙයට උදාහරණයක් ලෙස සෝඩියම් කාබනේට් සඳහා සූත්‍රය සකසා බලමු.
අදාළ පරමාණු සහ ඛණ්ඩකවල සංකේත Na (CO3)
අදාළ සංයුජතා 1+2-
සංයුජතා මාරු කර යටින් යෙදූ විට Na2CO3
මෙහිදී සෑදෙන සංයෝගයේ බහු පරමාණුක අයන ඇත්තේ එකක් පමණක් නම් එය වරහන් කිරීම අවශ්‍ය නැත. එබැවින් මෙහි කාබනේට් කොටස සඳහා වරහන් යොදා නොමැත.
මැග්නීසියම් සල්පේට් සඳහා රසායනික සූත්‍රය සැකසීම.
අදාළ කොටස්වල සංකේත Mg (SO4)
අදාළ සංයුජතා 2+ 2-
සංයුජතා මාරු කර යටින් යෙදූ විට Mg2 (SO4)2
සූත්‍රයේ පාදය දෙකෙන් බෙදා සරල කළ විට MgSO4
ඇමෝනියම් කාබනේට් වල සූත්‍රය සැකසීම
අදාළ සංකේත (NH4)(CO3)
අදාළ සංයුජතා 1+ 2-
සංයුජතා මාරු කර යටින් ලියූ විට (NH4)2 CO3
අදාළ සූත්‍රය (NH4)2 CO3
සෑම විටම අයනික සංයෝග සෑදෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ ඇති පරමාණු වර්ග දෙකක් සමගම දෑයි සොයා බලමු ?
සෑම විටම අයනික සයෝග සෑදෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ ඇති පරමාණු වර්ග දෙකක් අතර පමණක් නොවේ. අයනික සංයෝග බොහෝ ප්‍රමාණයක් සෑදෙන්නේ කිසියම් ලෝහ අයනයක් සමඟ සම්බන්ධ වන බහු පරමාණුක අයන (Poly atomic ion) මගිනි. සමහර විට මෙම බහු පරමාණුක අයන ඛණ්ඩක ලෙසට ද හඳුන්වනු ලැබේ. මෙවැනි බහු පරමාණුක අයන සෑදී ඇත්තේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වීමෙනි. උදාහරණ : සල්පේට් අයනය SO34 නයිට්රේට් අයනය NO-3 කාබනේට් අයනය CO2-3 බහු පරමාණුක අයන බොහෝමයක් සෘණ අයන සාදයි. 2.1 වගුවෙන් දක්වා ඇත්තේ සරල අයන වර්ග සහ බහු පරමාණුක අයන වර්ග පිළිබඳ සටහනකි. (ඉහත ඡේදයේ දක්වා ඇත්තේ ද එසේ බහු පරමාණුක අයන නොහොත් ඛණ්ඩක මගින් අයනික සංයෝග සෑදෙන අවස්ථා සඳහා උදාහරණ කිහිපයකි.)
අයනික බන්ධන සෑදීමේ දී සිදුවන ආකාරය පිළිබඳ සාරාංශයක් පහත දැක්වෙන අන්දමට දැක්විය හැකිය.
* ලෝහ පරමාණු වර්ග ඒවායේ බාහිර ම ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන දීම සිදු කරයි. එසේ දීමෙන් ධන අයන සාදයි.
* ලෝහයේ බාහිර ම ශක්ති මට්ටමින් දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට අනුව එහි ධන ආරෝපණ සංඛ්‍යාව තීරණය වේ.
* අලෝහ පරමාණු බාහිර ම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෘණ අයන සාදයි.
* අලෝහ පරමාණුවකට ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගණන අනුව එහි සෘණ ආරෝපණ සංඛ්‍යාව තීරණය වේ.
* අයනික බන්ධන සෑදීමේ දී ලෝහ පරමාණු මෙන්ම අලෝහ පරමාණුක ද ඊට ආසන්නව ඇති උච්ච වායුවේ ව්‍යුහයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගනී.
* අයනික බන්ධන මගින් රසායනික සංයෝග සෑදීමේ දී ධන අයන සමඟ සෘණ අයන ස්ථතික විද්‍යූත් ආරෝපණ මගින් එකිනෙකට ආකර්ෂණය වී බැඳී පවතී. එම බන්ධන ඉතා තද බැවින් ඒවා පහසුවෙන් ඉවත් කළ නොහැකිය.