සංයුජතාව ඇසුරෙන් අයනික සංයෝගවල සූත්‍ර
 
සංයුජතාව යනු කිසියම් මූලද්‍රව්‍යයක හෝ අයනයක සංයෝග වීමේ හැකියාවයි. 
අයනයක සංයුජතාව සඳහා එම අයනයේ අඩංගු විද්‍යූත් ආරෝපණ ප්‍රමාණය බලපායි.

මැග්නීසියම් අයනයක සූත්‍රය වන්නේ Mg 2+ ය. මින් හැඟෙන්නේ එහි සංයුජතාව දෙක බවය. මෙම සංඛ්‍යාව මැග්නීසියම් පරමාණුවක් මගින් දිය හැකි බාහිර ම කවචයේ අඩංගු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන වේ

මැග්නීසියම් හා ක්ලෝරින් රසායනිකව සම්බන්ධ වී මැග්නීසියම් ක්ලෝරයිඩ් සෑදේ. මෙහි දී ක්ලෝරයිඩ් අයනයක සූත්‍රය වන්නේ Cl- ය. මින් හැඟෙන්නේ එහි සංයුජතාව එකක් බවය. මෙම සංඛ්‍යාව ක්ලෝරින් පරමාණුවක බාහිර ම කවචයට ලබා ගත හැකි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමානය.

මැග්නීසියම් සහ ක්ලෝරින් එකත‍ වී මැග්නීසියම් ක්ලෝරයිඩ් සෑදෙන විට ඒවායේ සංයුජතාවන් ද නිවැරදිව තුළිත විය යුතු ය. එබැවින් සංයුජතාව දෙකක් වන මැග්නීසියම් අයනයක් සමග සංයුජතාව එකක් වන ක්ලෝරයිඩ් අයන දෙකක් සම්බන්ධ වීම සිදුවිය යුතු ය. එබැවින් මැග්නීසියම් සහ ක්ලෝරින් සංයෝජනය වීමේ අනුපාතය විය යුත්තේ 1:2 කි. එබැවින් මැග්නීසියම් ක්ලෝරයිඩ්වල සූත්‍රය විය යුත්තේ MgCl2 ය.

මෙහි දී මැග්නීසියම් පරමාණුවක බාහිර ම කවචය මගින් දෙන ඉලෙක්ට්‍රෝන දෙක ක්ලෝරින් පරමාණු දෙකක් ලබා ගැනීම ය. 

සෝඩියම්වල සංයුජතාව එකකි. ක්ලෝරින්වල සංයුජතාව ද එකකි. එබැවින් සෝඩියම් අයනයක් සහ ක්ලෝරයිඩ් අයනයක් අතර සම්බන්ධ වීමක් ඇති විය යුත්තේ 1:1 අනුපාතයට ය.

Na+ Cl
NaCl


කැල්සියම් ඔක්සයිඩ්වල සූත්‍රය සකසා ගන්නා ආකාරය .

පළමුව කැල්සියම් සහ ඔක්සිජන්වල සකේත ලියන්න.
Ca O
දෙවනුව එම සංකේත වලට යටින් අදාළ ද්‍රව්‍යවල සංයුජතාව ලියන්න.
Ca O
2+ 2-
තෙවනුව එම සංයුජතාව මාරු කර සූත්‍ර ලියන්න.
Ca O
2+ 2-

Ca2 O2

මෙම සූත්‍රයේ පාද සියල්ල ම දෙකෙන් බෙදෙන බැවින් එසේ බෙදා ලියන්න.
CaO

කැල්සියම් ඔක්සයිඩ්වල රසායනික සූත්‍රය වන්නේ CaO ය

මෙලෙසම ඇලුමීනියම් ඔක්සයිඩ්වල ද සූත්‍රය සොයමු.
අදාළ මූලද්‍රව්‍ය Al O
අදාළ සංයුජතාව යෙදූ විට 3+ 2-
Ca O
3+ 2+
සංයුජතා මාරු කර යටින් යෙදූ විට Al2O3
ඇලුමීනියම් ඔක්සයිඩ්වල සූත්‍රය වන්නේ Al2O3 ය.

සෝඩියම් ඔක්සයිඩ් වල සූත්‍රය ලියමු.
අදාළ සංකේත Na O
අදාළ සංයුජතා 1+ 2-
සංයුජතා මාරු කට යටින් යෙදූ විට Na2O
සෝඩියම් ඔක්සයිඩ්වල සඵත්‍රය වන්නේ Na2O ය.
(c) Shilpa Sayura Foundation 2006-2017