අයනික බන්ධන සෑදීම මගින් රසායනික ප්‍රතික්‍රියා සිදු වී නව රසායනික සංයෝග සෑදේ. මෙම බන්ධන සෑදීම සඳහා වඩා වැඩි ප්‍රවණතාවක් දක්වන්නේ විද්‍යුත් ධන මූලද්‍රව්‍ය සහ විද්‍යූත් සෘණ මූලද්‍රව්‍ය අතර ය. ලෝහ වර්ග විද්‍යුත් ධන මූලද්‍රව්‍ය වේ. ඒවායේ පරමාණුවල බාහිර ම කවචයේ ඇත්තේ අඩු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයකි. එබැවින් එම ලෝහ වර්ගවලට පහසුවෙන් බාහිර ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන වලදී උච්ච වායුවලට අදාළ ඉලෙක්ට්‍රෝන දීමෙන් සහ ගැනීම මගින් සෝඩියම් සහ ක්ලෝරින් අතර සිදුවන සම්බන්ධතාව නිසා ඇති වන සෝඩියම් ක්ලෝරයිඩ් නොහොත් කෑමට ගන්නා ලුණු ඇති වන ආකාරය විමසා බලමු.
රූපයේ දක්වා ඇත්තේ සෝඩියම් පරමාණුවක් සත බාහිර ම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය පිට කළ විට එය උච්ච වායුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්නා ආකාරයයි. මෙහි දී උදාසීන සෝඩියම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් අඩු වන නිසා එය ධන ආරෝපිත සෝඩියම් අයනයක් බවට පත් වේ. සෝඩියම් අයනයක ගුණ සෝඩියම් පරමාණුවක ගුණවලට වඩා වෙනස් බව ද සලකන්න.
එසේම විද්‍යූත් සෘණ මූලද්‍රව්‍ය වන්නේ ආලෝක වර්ගයි. ඒවායේ පරමාණුවල බාහිර ම ශක්ති මට්ටමේ සාමාන්‍යයෙන් ඇත්තේ ඉලෙක්ට්‍රෝන අටකට ආසන්න 7,6,5 වැනි සංඛ්‍යාවකි. අලෝහ පරමාණුවලට බාහිරින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් උච්ච වායුවකට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීමට පුළුවන. ක්ලෝරින් පරමාණුවක මෙය සිදුවන ආකාරය විමසා බලමු. එය සිදුවන ආකාරය 2.8 රූපයේ දක්වා ඇත. ආකෘතිමය රූපය අනුසාරයෙන් තේරුම්ගත හැකිවනු ඇත.
සෝඩියම් ක්ලෝරයිඩ් නොහොත් කෑමට ගන්නා ලුණු සෑදෙන්නේ ඉහත අන්දමට සෝඩියම් පරමාණුවකින් දෙන ඉලෙක්ට්‍රෝනයක් ක්ලෝරින් පරමාණුවක් ලබා ගැනීමෙනි. මෙය සිදුවන ආකාරය තවදුරටත් විමසා බලමු.
