මීට පෙර පරිච්ඡේදයේ දී දක්වා තිබූ පරමාණුක ක්‍රමාංකය එකේ සිට 20 දක්වා වූ මූලද්‍රව්‍ය පිළිබඳව නැවත මතකයට නගා ගන්න. ඔබ මෙම මූලද්‍රව්‍යවල අඩංගු ඉලෙක්ට්‍රෝන වින්‍යාස රටා දෙස විමසිලිමත් ව බලන්නේ නම් එහි යම් රටාවක් ඇති බව පෙනෙනු ඇත.
ඒ අනුව මූලද්‍රව්‍යයක පළමු ශක්ති මට්ටමේ තිබිය යුතු උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකක් වේ. එලෙසට දෙවන ශක්ති මට්ටමේ තිබිය යුතු උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන අටක් වේ. මෙලෙසට විසි වන මූලද්‍රව්‍ය වන කැල්සියම් තෙක් තෙවන ශක්ති මට්ටමේ ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ද අටක් වේ.
ඉහත මූලද්‍රව්‍ය වර්ග පිළිබඳ ව විමසා බැලූ විට එක් එක් ශක්ති මට්ටම්වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වූ මූලද්‍රව්‍ය කිහිපයක් ද වේ. එම මූලද්‍රව්‍ය වන්නේ හීලියම්, නියෝන් සහ ආගන් ය. එම මූලද්‍රව්‍ය වල අඩංගු එක් එක් ශක්ති මට්ටම්වලට අදාළ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණ පහත දැක් වේ. (2.4 රූපය)
ඉහත මූලද්‍රව්‍ය සියල්ලම වායුමය මූලද්‍රව්‍යයන් ද වේ. එසේම එම මූලද්‍රව්‍යවල ඇති තවත් ලක්ෂණයක් වන්නේ එම මූලද්‍රව්‍ය කිසිදු රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගි නොවීමය.

එබැවින් ඒවා රසායනිකව අක්‍රිය මූලද්‍රව්‍ය වේ. එම වායුමය මූලද්‍රව්‍යවලට උච්ච වායු යැයි කියනු ලැබේ.
උච්ච වායුවල බාහිර ම ශක්ති මට්ටම් සම්පූර්ණව ඇති බැවින් එම ශක්ති මට්ටමට අලුතින් ඉලෙක්ට්‍රෝන එකතු කිරීම කළ නොහැක.
එසේම ඉන් පහසුවෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ද අසීරු ය.
උච්ච වායූන් නොවන අනිකුත් මූලද්‍රව්‍ය වර්ගවල බාහිර ම ශක්ති මට්ටමේ ඇත්තේ සම්පූර්ණ නොවූ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයකි.

උදාහරණයක් ලෙස සෝඩියම් පරමාණුවක් ගත් විට එහි ශක්ති මට්ටම් තුනේ අඩංගු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙළින් වන්නේ 2,8,1 වශයෙනි. ඔක්සිජන්වල එය 2,6 ලෙසට පිහිටා තිබේ.
සෝඩියම් පරමාණුවකට එහි බාහිර ම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනය කිසියම් අයුරකින් පිටතට දිය හැකි නම් එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උච්ච වායුවක් වූ නියෝන්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට පත්කර ගත හැකි වේ.
එසේම ඔක්සිජන් පරමාණුවක බාහිර ම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගත හැකි නම් එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ද නියෝන් තත්ත්වයට සෝඩියම් හෝ ඔක්සිජන් පත් වූ විට එම මූලද්‍රව්‍ය පරමාණු ද රසායනිකව වඩා අක්‍රිය ස්වරූපයකට පත් වේ.
සාමාන්‍ය තත්ත්වයේ දී සෝඩියම් මෙන්ම ඔක්සිජන් ද රසායනිකව සක්‍රිය මූලද්‍රව්‍ය දෙකක් බව අමතක නොකරන්න.
මෙසේ ඉලෙක්ට්‍රෝන දීමෙන් සහ ඉලෙක්ට්‍රෝන ගැනීමෙන් සෝඩියම් සහ ඔක්සිජන් රසායනිකව අක්‍රිය වීමේ දී තවත් දෙයක් සිදු වේ. එනම් මෙතෙක් පරමාණුවක් ලෙස පැවති මූලද්‍රව්‍ය ඉන්පසු කිසියම් විද්‍යූත් ආරෝපණ ප්‍රමාණයක් දරන තත්ත්වයට පත්වීමය. මෙසේ වන විට එය හඳුන්වන්නේ අයනයක් ලෙසටය.
සෝඩියම් තුළ අඩංගු ඉලෙක්ට්‍රෝන නිසා සිදු විය හැකි මෙමම අයන සෑදීමේ ක්‍රියාව පහත දැක්වෙන ආකාරයට ආකෘතිමය රූපයක් මගින් නිරූපණය කළ හැකිය. 2.5 රූපය බලන්න
මේ අනුව සෝඩියම් අයනයක අඩංගු ඉලෙක්ට්‍රෝනවල සෘණ ආරෝපණ සංඛ්‍යාවට වඩා වැඩි පුර ප්‍රෝටෝනයක් පිහිටන බැවින් එය ධන ආරෝපණ එකක් ඇති අයනයක් බවට පත් වේ. එසේම එහි ඉලෙක්ට්‍රෝන ව්‍යූහය නියෝන් වායුවේ ව්‍යුහයට සමාන වේ.
ඔක්සිජන් පරමාණුවක සිදුවන අයනයක් සෑදීමේ ක්‍රියාව ද පහත දැක්වෙන අන්දමට 2.6 රූපය මගින් දැක්වීමට පුළුවන.
ඉහත ක්‍රියාවේ දී ඔක්සිජන් පරමාණුවක ඇති ආරෝපණ සංඛ්‍යාවට ඉලෙක්ට්‍රෝන දෙකක් අලුතින් එකතු වූ විට එහි අඩංගු ධන ආරෝපණ සංඛ්‍යාව ඉක්මවා සෘණ ආරෝපණ දෙකක් වැඩිපුර පිහිටයි.

මෙහි දී ඔක්සිජන් අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නියෝන් වායුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට පත්වන අතර එය සෘණ ආරෝපණ දෙකක් වැඩිපුර ඇති අයනයක් බවට පත් වේ. 2.6 රූපය.
ඉහත අන්දමේ අයන සෑදීමේ ක්‍රියා සිදුවන විට එය යථා අයුරින් සිදුවීමට ඉලෙක්ට්‍රෝන දීම සිදුකරන පරමාණු මෙන්ම ඉලෙක්ට්‍රෝන ලබාගන්නා පරමාණු ද තිබිය යුතුය.

එසේ නොමැතිව සාමාන්‍යයෙන් තනි පරමාණුවක් තුළ පමණක් මෙම ක්‍රියාව සිදු නොවේ.
මෙවැනි ඉලෙක්ට්‍රෝන දීම සහ ලබා ගැනීම මගින් පරමාණු උච්ච වායු ව්‍යුහයක් ගන්නා විට ඒවායේ ඇති වන ප්‍රතිවිරුද්ධ ආරෝපණ නිසා ඒවා ප්‍රතිවිරුද්ධ ස්ථතික විද්‍යුත් ආරෝපණ මගින් එකිනෙකට ඉතා තදින් ආරක්ෂණය වී පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ද්‍රව්‍ය දෙක පවතින්නේ එකට බන්ධනය වීමෙනි. එවැනි බන්ධන අයනික බන්ධන ලෙස හඳුන්වනු ලැබේ.
මෙලෙස මූලද්‍රව්‍ය අතර සම්බන්ධ වීම් ඇති වන්නේ අයනික බන්ධන නිසා පමණක් නොවේ. අයන සාදා ගත නොහැකි සමහර මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන දීම සහ ගැනීම වෙනුවට ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් උච්ච වායුවක ව්‍යුහය ලඟා කර ගනී.

උදාහරණයක් ලෙස හයිඩ්රජන් පරමාණුවකට ඇත්තේ ශක්ති මට්ටම් එකකි. එහි එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් ඇත. එවැනි පරමාණු දෙකක් එකිනෙකට සම්බන්ධ වී ඒවායේ බාහිර ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන යුගලය පරමාණු දෙකට ම පොදුවේ සිටින සේ හවුලේ තබා ගනී.
මෙසේ හවුලේ තබාගන්නා හයිඩ්රජන් පරමාණු දෙකක ඉලෙක්ට්‍රෝන නිසා එම පරමාණු යුගලයට ම ඇත්තේ උච්ච වායුවක් වූ හීලියම් පරමාණුවට අයත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. මෙසේ වීමෙන් ද පරමාණු අතර බන්ධන සෑදේ. මෙවැනි බන්ධන සහ සංයුජ බන්ධන ලෙස හඳුන්වනු ලැබේ.
මේ අනුව පරමාණුවලට උච්ච වායුවල ව්‍යුහය ලබාගත හැකි ආකාර පහත දැක්වෙන ලෙසට සාරාංශ කර දැක්වීමට පුළුවන.
1) බාහිර ම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අඩු සංඛ්‍යාවක් ඇති මූලද්‍රව්‍ය බාහිරින් ම ඇති ඉලෙක්ට්‍රෝන දීමෙන් උච්ච වායුවකට හිමි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීම.
2) බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන උච්ච වායුවකට ආසන්නව ඇති මූලද්‍රව්‍ය, බාහිර ම කවයකට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් උච්ච වායුවක වින්‍යාසය ලබා ගැනීම.
3) ඉලෙක්ට්‍රෝන දීම හෝ ගැනීම වෙනුවට පරමාණුවල බාහිර ම ශක්ති මට්ටමේ පරමාණු දෙකක් හෝ කිහිපයක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් උච්ච වායුවකට හිමි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීම වශයෙනි.
ඇත්ත වශයෙන් ම මූලද්‍රව්‍ය සම්බන්ධ වී විවිධ අණු සහ රසායනික සංයෝග සෑදීමේ දී සිදුවන්නේ ඉහත අන්දමේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධ වීම් නිසා වන විවිධ ක්‍රියාවන් ය.

මෙහි දී සමහර තනි මූලද්‍රව්‍ය පරමාණු එකතු වී වඩා ස්ථාවර අණු බවට පත්වේ. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු එකතු වී විවිධ රසායනික සංයෝග සෑදේ.
මේ අනුව ඉලෙක්ට්‍රෝන දීමෙන් ද ඉලෙක්ට්‍රෝන ගැනීමෙන් ද ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගැනීමෙන් ද මූලද්‍රව්‍ය අතර කිසියම් ආකාරයක බැඳීමක් නොහොත් බන්ධන සෑදීමක් සිදු වේ. එනම්,
i) මූලද්‍රව්‍ය අතර ඉලෙක්ට්‍රෝන දීමෙන් ද සිදුවන අයනික බන්ධන සෑදීම.
ii) මූලද්‍රව්‍ය අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගැනීමෙන් සිදුවන සහ සංයුජ බන්ධන සාදා ගැනීම වශයෙනි.