ගඟනගාමියෙකුට අභව්‍යකාශයේ සිට පෘථිවිය දෙස බැලූ විට එය පෙනෙනුයේ සිත් ඇදගන්නා නිල් පැහැයකිනි.
ඊට හේතුව වන්නේ පෘථිවි පෘෂ්ඨය මත පැතිර පවත්නා ජලගෝලයයි.
පෘථිවිය හැරුනු විට තරමක නිල් පැහැයකින් දිස්වෙන එකම ග්‍රහයා වන්නේ නෙප්චූන් ය.
නෙප්චූන් නිල් පැහැයෙන් දිස්වන්නේ එහි අධික ඝනකමකින් පැතිර පවතින මීතෙන් අඩංගු වායුයෝලය නිසාය.
නෙප්චූන් මත මීතේන්වලට අමතරව ඇමෝනියා, හයිට්රජන් සහ ජලය ආදියෙන් නිර්මිත "හිම කඳු" ද පිහිටා තිබේ.
ඔබ අවට ඇති පරිසරය දෙස බලන්න. එම පරිසරය තුළ විවිධ ආකාරයේ විවිධ ද්‍රව්‍ය තිබිය හැකිය.
ඔබ අවට ඇති පරිසරය දෙස බලන්න. එම පරිසරය තුළ විවිධ ආකාරයේ විවිධ ද්‍රව්‍ය තිබිය හැකිය.
පළතුරු, ධාන්‍ය, ඖෂධ වර්ග, ලෝහ, ලවණ වර්ග, ප්ලාස්ටික්, රබර් වැනි විවිධ දෑ ඇත.
අපගේ පෘථිවියේ ඇති ද්‍රව්‍ය පමණක් නොව විවිධ ග්‍රහලෝක, සූර්යයා සහ මුළු මහත් විශ්වය ම නිර්මිතව ඇත්තේ විවිධාකාර ගුණ ඇති විවිධ රසායනික ද්‍රව්‍යවලිනි.
අප වසන පෘථිවිය මත පමණක් වුව ද විවිධ අන්දමේ රසායනික ද්‍රව්‍ය මිලියන ගණනක් අඩංගුය.
අප වසන පෘථිවිය මත පමණක් වුව ද විවිධ අන්දමේ රසායනික ද්‍රව්‍ය මිලියන ගණනක් අඩංගුය.
මෙම විවිධ රසායනික සංයෝග සැකසී ඇත්තේ විවිධ මූලද්‍රව්‍ය වර්ගවලට අයත් පරමාණු රසායනිකව සම්බන්ධ වීමෙනි.
මෙසේ පරමාණු සම්බන්ධ වීම එකම මූලද්‍රව්‍යයක පරමාණු මගින් වීමට හෝ විවිධ මූලද්‍රව්‍යවල පරමාණු මගින් වීමට පුළුවන.
එකම මූලද්‍රව්‍යයක පරමාණු සම්බන්ධ වීමෙන් සමජාතිය රසායනික ද්‍රව්‍ය සෑදේ.
මෙසේ පරමාණු සම්බන්ධ වීම එකම මූලද්‍රව්‍යයක පරමාණු මගින් වීමට හෝ විවිධ මූලද්‍රව්‍යවල පරමාණු මගින් වීමට පුළුවන.
එකම මූලද්‍රව්‍යයක පරමාණු සම්බන්ධ වීමෙන් සමජාතිය රසායනික ද්‍රව්‍ය සෑදේ.
එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු රසායනිකව එකතු වීමෙන් විෂමජාතිය රසායනික ද්‍රව්‍ය සෑදේ.
උදාහරණයක් ලෙස ජලය සෑදීමේ දී හයිඩ්රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණුවක් සමඟ රසායනිකව සම්බන්ධ වීම සිදුවේ.
ජලය විෂමජාතිය රසායනික සංයෝගයකි. එනමුත් ඔක්සිජන් පරමාණු දෙකක් එකට සම්බන්ධ වීමෙන් සෑදෙන ඔක්සිජන් අණුවක් තුළ ඇත්තේ සමජාතිය අණුවකි.
මූලද්‍රව්‍ය සඳහා යොදා ගන්නා සංකේත භාවිතයෙන් අපට විවිධ රසායනික ද්‍රව්‍යවල අඩංගු විවිධ පරමාණු සංඛ්‍යාවන් දක්වා අදාළ රසායනික ද්‍රව්‍යයේ සූත්‍රය ගොඩනැගීම ද කළ හැකිය.
ඒ පිළිබඳව ඔබට තවදුරටත් සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේ දී දක්වා ඇත.
මූලද්‍රව්‍ය වර්ග ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණකි.
පෘථිවිය මත ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය ප්‍රමාණය 110 ක් පමණ වන බව දැනට සොයාගෙන ඇත.
එම මූලද්‍රව්‍ය අතරිනුත් පෘථිවිය මත බහුලව ම ඇත්තේ ඊටත් වඩා අඩු මූලද්‍රව්‍ය ප්‍රමාණයකි.
එනමුත් හෝඩියක අඩංගු සීමිත අක්ෂර සංඛ්‍යාවකින් අති විශාල වචන සංඛ්‍යාවක් සෑදෙන්නාක් මෙන් මෙම මූලද්‍රව්‍ය මගින් ද මිලියන ගණනක් විවිධ රසායනික සංයෝග සෑදී තිබේ.