කලාපය |
ගස් |
තෘණ |
වැල් |
තෙත් කලාපය | එරබඳු, කොස්, කෙසෙල්, කිතුල්, ග්ලිරිඩීයා | බැකේරියා, සෙටේරියා, පැස්පලම් | ඩෙස්මෝඩියම්, ස්ටයිලෝ සැන්තස් |
වියළි කලාපය | ඉපිල් ඉපිල්, එරබඳු | බැකේරියා, බ්‍රිසැන්තා, සෙන්ක්ර්ස් සිලියාර්ස් | සිරාට්‍රෝ සෙන්ට්‍රසීමා පියුබසන්ස් ස්ටයිලෝසැන්තස් |
අන්තර් කලාපය | ඉපිල් ඉපිල්, එරබඳු, ග්ලිරිඩීයා | බැකේරියා, බ්‍රිසැන්තා, බ්‍රැකේරිමිලිපෝම්ස් | ඩෙස්මෝඩියම්, ස්ටයිලෝ සැන්තස්, සිරා ට්‍රෝ |
වැනි ද්‍රව්‍ය යොදා ගත හැකි වේ. වියළි කලාපයේ තෘණ සංරක්ෂණය කර ගැනීම හා ආහාර ද්‍රව්‍ය ගබඩාකර ගැනීම වැදගත් ය.
කි.ග්‍රෑම් 30 ක් පමණ වැඩුණ එළුවෙකුට දිනකට කොළ ආහාර කි.ග්‍රෑම් 4-5 ක් ද කෘෂි අතුරු නිෂ්පාදන ද්‍රව්‍ය ග්‍රෑම් 100-200 අතර ද ලවන ලෙස ලුණු ද ලබාදිය යුතු ය.
සෑම විටම පිරිසිදු, වියළි අලුත් ආහාර දීම වැදගත් ය. කිරි නිෂ්පාදනය හා ගැබ් බර දෙනුන්ට අමතර ආහාර ලබා දෙන්න. හිස්බඩ රනිල ආහාර නො දෙන්න. තෙතමනය සහිත මඬ වගුරු බිම් වලට එළුවන් නො යවන්න.
ශ්‍රී ලංකා බෝයර් සුදු, කළු, දුඹුරු සුදු මස් හා කිරි දෙකට ම සුදුසු වර්ගයකි. කොට්ටු කච්චි කළු වර්ණයෙන් යුත් නිවුන් පැටවුන් මස් සඳහා සුදුසු වර්ගයකි.ජම්නාපාරී නම් වර්ගය කිරි හා මස් දෙකටම සුදුසුය. සුදු හා දුඹුරු මිශ්‍ර පාටය. පසු ගාත්වල දිගුලෝම සහිත සුදුසු වර්ගයක එළුවන් ඔබට ඇතිකර ගත හැකි වේ.