එළුවන් සඳහා නිවාස තැනීමේ දී පොළොව මට්ටමේ සරලව සෑදිය හැකි වුවත් රෝග අඩුකර ගැනීම සඳහා පොළොව මට්ටමෙන් ඉහළට සෑදීම වඩා යෝග්‍ය වේ. පොල්අතු සහ පුවක් ලී, උණ ලී, පොල් කොට යනාදි ද්‍රව්‍ය යොදා සරලව නිවාස සාදා ගත හැකි වේ. එහෙත්,
* කල් පවතින ද්‍රව්‍ය වලින් සෑදීම.
* හොඳ හැටි හිරුඑළිය හා වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම.
* වැඩුණ පැටවකු සඳහා වර්ග මීටර් 0.8-1.2 අතර ඉඩ තැබීම.
* වැසි කාලවල පවා වියළි පරිසරයක් නිරන්තරව පවත්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගැනීම වැදගත් වේ.
1. එළුවන් (50 සඳහා)
2. ජලය
3. දොර
4. ගමන් මාර්ග
5. පට්ටි එළුවන් (5)
6. ගබඩාව
7. පැටවු 50
8. පැටවු දැමීමට
9. ආහාර බක්කි
ප්‍රසූතියෙන් පසුව එළු පැටවුනට මුලකිරි ලබාදිය යුතුය. වැඩුණ සතුන්ගෙන් සිදුවිය හැකි අනතුරුවලින් ආරක්ෂා කරගත යුතුය. සති 3 ක් වයස් වූ විට ගෝචර ආහාර, රනිල ආහාර හා සාන්ද්‍ර ආහාර ලබාදිය හැකි වේ. මවු එළිච්චිය සමඟ පැටවු තණ පිටියට යැවිය යුත්තේ මසක් වයස් වු විටය. පැටවුනට පිරිසිදුව නියමිත වේලාවක ආහාර සැපයීම අවශ්‍ය ප්‍රමාණයට පමණක් සැපයීම පිරිසිදු ජලය සැපයීම හා පිරිසිදු වියළි ද්‍රව්‍ය ලබා දීම වැදගත් ය.