කිතුල් පිත්ත උඩ පියවර මැන්නා සේ
 

කියමන : කිතුල් පිත්ත උඩ පියවර මැන්නා සේ.
තේරුම : නිකරුනේ කලබල වී දුකට පත්වීම.

අතීත කතාව - දිනක්‌ එක්‌ ගැමියෙක්‌ කිතුල් ගසක්‌ මුදුනේ රා මදිමින් සිටියේය. ඒ දිනවල සිය බිරිඳ ගැබ්බරින් පසු වූ හෙයින් ඔහු කවර වේලේ හෝ පසුවූයේ දරු උපතක්‌ ගැන අසනු කැමැත්තෙනි.

ටික වේලාවකින් දරුවෙකු උපන්නා නම් වේලාපත්කඩය සෑදීමට නිවැරදි වේලාව ඕනෑ බව දන්නා ගැමියා, වේලාව බැලීමට තමා සිටි කිතුල් පිත්ත මත පියවර මැනීමට ගොස්‌ ගසෙන් වැටී කොන්ද කඩාගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017