ගම් කිකිළියන් ඇති කිරීම අපේ මුතුන් මිත්තන්ගේ අවශ්‍යතාවයක් ලෙස, විනෝදාංශයක් ලෙස ඉටුකරන ලදී. උසස් වර්ගයේ කිකිළියන් ගෙන බිත්තර නිෂ්පාදනය ඉලක්ක කොට කුකුළු පාලනය කළ හැකිය.
* වැයවන ඉඩම් ප්‍රමාණය සුළු වේ.
* ගෘහ ආශ්‍රිතව කළ හැකි වේ.
* පවුලේ ශ්‍රමය පමණක් භාවිත කළ හැකිය.
* නඩත්තුවට එතරම් මුදලක් වැය නොවන සේ ගොවිපළ ද්‍රව්‍ය ලබා දියහැකිය. (උදා. බඩ ඉරිඟු, පලා වර්ග)
* දිනපතා පෝෂ්‍යදායි ආහාරයක් ලෙස බිත්තර ලබා ගත හැකි වේ.
* වැඩිපුර බිත්තර ව්කුණා ආදායම් ලබා ගත හැකි වේ.
* අතුරුණුව හා කුකුළු පෝර බෝග වගාවට පෝර ලෙස යෙදිය හැකිය.
වත්තේ ගස් දෙකක එල්ලා තැනූ කුකුළු කූඩු කිකිළියන් කීපදෙනෙකුට ප්‍රමාණවත් වෙනත් සතුන් ගේ සෞඛ්‍යයට එය එතරම් හිතකර මදිය. ඒ නිසා කුකුළු නිවාසයක් සාදාගත හැකි නම් එසේ කිරීම සුදුසු වේ.
කුකුළු නිවාසයක් සකස් කිරීමේ දී බටහිර නැගෙනහිර දිශාවට මුහුණ ලා සකස් කිරීම වැදගත් ය.