දොවාගත් එළකිරි හෝ මී කිරි හොඳින් උණු කරන්න. කිරි ලීටරයක් මිලි ලීටර් 800 ක් වන සේ උණු කිරීම අවශ්‍ය වේ. ඉන්පසුව 450C සෙන්ටිග්‍රේට් උෂ්ණත්වය දක්වා නිවෙන්නට හැර මුහුන් එකතු කිරීම අවශ්‍යය. (කලින් මුදවපු කිරි මේස හැඳි 1 1/2) පැය 6 ක් ගිය පසු මැටි භාජනවල දමා අංශක 380C උෂ්ණත්වයේ තිබෙන්නට හැරීම.
යෝගට් සෑදීම
කිරි ලීටර් 01
මුහුන් මේස හැඳි 01
සීනි ග්‍රෑම් 100
වැනිලා බිංදු 03
ළා කහපැහැති කලරින් (වර්ණ) ස්වල්පයක්
ජෙලටින් තේ හැඳි 1/2
කිරි උණුකර මිලි ලීටර් 800 ක් පමණ වූ පසු සීනි එකතු කරන්න. ඉන්පසුව සෙන්ටිග්‍රේට් අංශක 420C උෂ්ණත්වයේ සිසිල් කර තබන්න. මහුන් එකතු කර ඉන්පසුව, වැනිලා ජෙලටින් හා වර්ණ එකතු කරන්න. 380C පැය 8 ක් නිශ්චලව තබන්න.