එළ දෙනකගේ මද ලක්ෂණ
 

* වෙනත් සතුන්ගේ ඇඟමත නැඟීම.
* වෙනත් සතුනට තම පිටමත නැඟීමට ඉඩ දීම.
* නොසන්සුන් තාවය.
* කාකලිකය ඉඳිමීම.
* යෝනියෙන් දියර වෑස්සීම.
* නිතර මූත්‍රා කිරීම.
* වල්ගය හා ගාත්වල ශ්ලේෂමල තැවරී රෝම ඇලී පැවතීම.
* පිටු පසට අත තැබූවිට වල්ගය එසවීම.
* ආහාර රුචිය හා කිරි නිෂ්පාදනය අඩුවීම.
* පිටුපස තෙතමනය සහිත වීම.

මද භක්‍රයේ පැය 18-22 අතර කාලය පෙර මද අවධිය,මැද මද අවධිය, පසු මද අවධිය ලෙස කොටස් 03 කට බෙදේ. මැද කොටසේ අවසන් කාලය හා පසු මද කාලය පට්ටි ගැස්සීමට හෝ කෘතීම සිංචනයට සුදුසු වේ.

වසරකට එක් වසු පැටවෙක් ලබා ගැන්ම සඳහා යොදා ගත හැකි භක්‍ර සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පහත දක්වා ඇත. ඔබද එම චක්‍රය යොදා ගැනීම ඉතා වැදගත් වේ.

දෙසැම්බර් ජනවාරි මාසයේ ප්‍රසූතයක් සිදු වූවායැ'යි උපකල්පනය කරමින් උදාහරණ ලෙස දක්වා ඇති සටහන ඔබේ ගව දෙනගේ ප්‍රසූතිය සිදුවූ මාසයට ආදේශ කරමින් ඉදිරි මාසවල ක්‍රුයාවලියන් වෙන් ලෙස පවත්වා ගැනීම ඔබේ වගකීම වේ.

ගැබ්ගත දෙනකු පැටවකු බිහිකිරීමට දින 280-285 ගත වේ. පැටවා බිහි කිරීමට දින 60 කට පෙර දෙන වියළි දෙන ලෙස හඳුන්වයි. මෙම කාලය තුළ කලල වර්ධනය හොඳින් සිදුවන අතර බුරුල්ලට විවේකය ලැබේ. එම නිසා දෙනකට වියළි කාලය ලබා දීම අතිශය වැදගත් වේ.

පිරිසිදු ජල බඳුන් කොටුව තුළ තබා හාල්නිවුඩු කි.ග්‍රෑ. 1 ක් ඛනිජ මිශ්‍රණය ග්‍රෑම් 50 මිශ්‍ර කර දීම සුදුසු වේ. දෙන දුර්වල නම් පුන්නක්කු කි.ග්‍රෑ. එකක් අමතරව ලබාදීම හොඳ වර්ගයේ තෘණ ලබාදීම කළ යුතු ය.

උෂ්ණ දිනවල එළදෙන නෑවීම, ශරීරය බුරුසුවකින් පිරිමැදීම කළ යුතු අතර අයහපත් කාලගුණ දිනවල නිදැල්ලේ යාමට නොදීම හා ලණුවලින් නොබැඳීම කළ යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017