කිරි දෙනුන් පාලනය
 

කිරි දෙනුන් පාලනය කිරීමේ දී වැදගත් වනුයේ දින 305 ක කිරි මුරයක් පවත්වා ගැනීම සහ දින 60 ක කිරි වැරෑකාලයක් ඇතිකර ගැනීමත් වේ. වැස්සියන් මාස 1520 අතර ගැබෛ දැරීම දෙනුන් වර්ෂයකට එක් පැටවකු බැගින් බිහි කිරීම ගවපාලනය කරන අයකුට වැදගත් වේ.

සතුන්ට ආහාර දීමේ දී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දක්වා ඇති සටහන උපයෝගි කර ගැනීම වැදගත් වේ.

වර්ෂයකට එක් පැටවකු ලබා ගැනීම සඳහා ප්‍රසූත කාලයෙන් දින 85 ක් ඇතුළත නැවත එළදෙන ගැබ් ගැන්වීම කළ යුතුය. එවිට දින 280 කින් නැවත පැටවකු බිහි වේ.

පට්ටි ලකුණු පෙන්වන ප්‍රසූතියෙන් දින 45 අතර තුර දෙවන මද ලක්ෂන අවස්ථාවේ පට්ටි ගැස්සීම කළ හැකිය. එය අසාර්ථක නම් තවත් දින 20 කට පසු ප්‍රසූතයෙන් දින 85 ක් ඇතුළත පට්ටි ගැස්විය යුතුය. නැතහොත් කෘතීම සිංචනය සිදුකළ යුතුය.

ප්‍රසූත ආසන්න දෙනකගේ යෝනියෙන් දියර පිට වීම සිදුවී විනාඩි 20 ක් ඇතුළත වසු පැටවා බිහිවීම සිදු නොවන විට හා පැටවා බිහිවී පැය 06 කට වඩා වැදෑමහ පිට නොවන විට පශු වෛද්‍ය සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

කිරි දෙවීමේ කාලය අතර පැය 12 ක පරතරයක් තිබිය යුතුය.

ගව රෝග මර්දනය සඳහා දේශීය ඖෂධ ඇසුරෙන් සිදුකරන ප්‍රතිකාර, කෙමික්‍රම, පිලිස්සීම, හණ යෙදීම භාවිතය අතීතයේ දී සිදුව ඇතත් පශු වෛද්‍ය සහාය අවශ්‍ය විට ලබා ගැනීම ද කර ඇත.

ගව පැටවකුට ආහාර දීමේ දී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දක්වා ඇති පහත සටහන අනුගමනය කිරීම වැදගත්ය.

පළමු දින 03 කිරි උරා බීමට දෙන්න. 4 වන දිනයෙන් පසු කිරි දොවා ගත් පසු, පැයක් පමණ පැටියාට මවු දෙන සමඟ සිට නිදහසේ කිරි උරා බීමට අවස්ථාව සලස්වන්න. සාන්ද්‍ර ආහාර දීම සති 2 කට පසුව ඇරඹේ. සාන්ද්‍ර ආහාරදීම සවස් භාගයේ පමණක් කළ යුතුය. අමු තණකොළ දීම සති 6 කට පසුව කරනු ලැබේ.

මුලදී වසු පැටවකු වර්ග මීටර් 1 1/2 ක් පමණ ඉඩක් ලබා දී මාස 6 ක් වන විට වර්ග මීටර් 2 දක්වා වෙනස් කිරීම අවශ්‍ය වේ. වසු පැටවුන්ගේ කොටු විෂබීජ නාශකය සඳහා කොහොඹ තෙල් යෙදීම කළ හැකිය. දිනකට පැය කීපයක් පැටවුනට පිටත ඇවිදින්නට ඉඩ සලසා දීම ද වැදගත් බව සොයා ගෙන ඇත. එළදෙනකගෙන් වසරකට එක් පැටවකු ලබා ගැනීම සඳහා එළදෙනකගේ මද ලක්ෂණ හඳුනා ගත යුතු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017