කිරිවල සංයුතිය
 

ජලය 87,25%
මේදය 3.8%
ප්‍රෝටීන 3.5%
ඛනිජ 0.68%
ලැක්ටෝස් 4.8%
මේදය නොවන ඝන ද්‍රව්‍ය 8.95%
කිරි ලීටරයක මිල රැ. 18 වේ.

* ගිතෙල්, බටර්, යෝගට් ආදී අමතර ආහාර මුදවාපු කිරි සකස්කර ගැනීමට එළකිරි භාවිත කල හැකිය.
* බර ඇඳීමේ කටයුතු සඳහා ගවයාගේ ශ්‍රමය යොදාගනු ලැබේ.
* ගොම වියළා ගත් විට ඉන්ධනයක් ලෙස භාවිත කළ හැකිය.
* මල මූත්‍ර යොදා ගනිමින් ජීව වායුව නිෂ්පාදනය කර ගත හැකිය. ගෑස් මිල වැඩිවීම සමඟ සසඳා බලන්න.
* සත්වයා මිය ගිය පසු අං බොත්තම් සෑදීමට, පනා සෑදීමට යොදා ගෙන ඇත. මෙම අං ජෛවගතික කෘෂිකර්මයේ අං පොහොර නිෂ්පාදනයට වැදගත් වේ.

ආගමික හේතුන් සමඟ තරමක ගැටුමක් යෙදුණත් ගවයා සත්ව ප්‍රොටීන ලබාදීමටත්, සම්භාණ්ඩ නිෂ්පාදනයටත් මහඟු සේවයක් දක්වා තිබේ. ගව පාලනය නිසා අමතර ස්වයං රැකියා අවස්ථා උත්පාදනය කළ හැකි වේ. උදා : සතුන් බලාගැනීම, මුදවපු කිරි නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම, යෝගට්, බටර්, චීස් නිෂ්පාදනය, ජීවවායු නිෂ්පාදනය.

ගවයා බොවිඩේ කුලයට අයත් ය. බෝවිනේ නම් උප කුලයෙක් ද, බොස්නම් ගණයෙන් ද, ඉන්ඩිකස් හා ටෝරස් යනුවෙන් විශේෂ 02 කින් ද යුක්ත වේ. බොස් ඉන්ඩිකස් ඉන්දියානු සම්භවයක් ඇති අතර බොස්ටෝරස් යුරෝපීය සම්භවයක් ඇති සතුන් වේ. ගවයන් නිදැලි ක්‍රමයට හැදෙනවාට වඩා ගාල් ක්‍රමය තරමක් යෝග්‍ය වේ. මෙවැනි ගවයන්ට නිවාස සපයා දීම වැදගත් වේ. මෙසේ ගවයන්ට සුව පහසු පරිසරයක් ලබාදීම සතුන් අතර පිරිසිදු බව රැකගැනීම, රෝගවලින් ආරක්ෂාවීම, අවශ්‍යතා අනුව ආහාර සැපයීම, ක්‍රමානුකූල අපද්‍රව්‍ය බැහැර කිරීම, පිරිසිදු කිරි නිෂ්පාදනය ලබා ගැනීම ඉටුකර ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017