හැඳින්වීම
 

කෘෂිකර්මය ජීවිකාව කරගත් අපේ මුතුන් මිත්තන් ගොවිතැනේ ප්‍රධාන අංගයක් ලෙස සත්වපාලනය යොදාගත් බව පැහැදිලි වේ. තමන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැන්මට කිරි ගවයන් ඇති කිරීම, වැඩිපුර කිරි විකුණා අමතර ආදායමක් ලබා ගැනීම, සත‍න්ගේ පොහොර තම වගා කටයුතු වලට යොදා ගැනීම, ගොම මැටි සමඟ මිශ්‍රකොට සිමෙන්ති වෙනුවට භාවිතය, මස් සඳහා ගවයන් ඇති කිරීම, ආගමික හේතුන් උඩ අඩු වු බව ද දැක්විය හැකිය.

ගව පාලනය නිදැලික්‍රමයට සිදුකළ අතර ඉඩම් සීමාවීම නිසා සියුම් ක්‍රම අනුගමනයට ඔවුන් යොමු වන්නට විය. එය සිදුවූයේ ඉතාමත් අඩු ප්‍රතිශතයකිනි. එඬේර යුගයේ සිට ම ගමනාගමනයටත්, කෘෂිකර්මාන්තයටත්, පෝෂණ අවශ්‍යතා ලබාදීමටත්, ගවයා ඉටුකර ඇති සේවාව අගය කළ යුතු වන්නේ මය.

මේ නිසා ශ්‍රී ලංකාවේ ගව සම්පත ජාතික සම්පතක් ලෙස සලකා වැඩි දියුණු කර ගැනීම අප කාගේත් යුතුකම වේ. ගව පාලනය වැදගත් වන්නේ ඇයි? එළකිරි උසස් ගුණත්වයෙන් යුත් ආහාරයකි. මොහොතකට ඔබ කිරිපිටි සඳහා මසකට පිටරට සමාගම්වලට ගෙවන මුදල් ප්‍රමාණය සිතා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017